ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා
පත් කිරීමට නියමිතව ඇත.
අද (26) දිනයේ ඔහු සිය ධූරයේ වැඩකටයුතු භාර ගන්නා බව ජන මාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ පැවසුවේ ය.
ගිහාන් ද සිල්වා සිංගර් ආයතනයේ ප්‍රචාරණ ක්ෂේත්රයේ විධායක නිළදාරියෙක් ව සිට ඇති අතර පසුකාලීනව ජාතික ජන බලවේගයට පූර්ණකාලීනයෙක් ලෙස සම්බන්ධව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන වැඩකොටසක් ඉටුකර ඇතැයි වාර්තා වේ. 'රට අනුරට' ඔහු ඉටුකළ ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතියකි.
රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර ධූරයෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරයට මෙම නව පත් කිරීම සිදු කරයි.