SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

 

 

මාධ්‍යවේදීන් අමතමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ කෙසේ වෙතත් සාකච්ඡාවේදී කිසිදු යෝජනාවක් සම්බන්ධයෙන්  අවසන් නිගමනයක් නොකළ බවයි.

 

"ඒකාබද්ධ ප්‍රකාශයෙන් එහාට  කිසිවක් නෑ. එය අඛණ්ඩ සාකච්ඡා සිදුවීම පිළිබඳව ඉතා පැහැදිලියි,"

ඔහු පැවසීය.

 

“එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද යන ප්‍රශ්නය තීරණය වන්නේ එය කිරීමට දෙපාර්ශවයේම ඇති උනන්දුව මතයි. එය අපට තවමත් විසඳා ගතයුතු  ප්‍රශ්න මත රඳා පවතී,”

මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් කාල රාමුවක් පැනවීම යථාර්ථවාදී නොවන බවයි.

 

දෙසැම්බර් මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක් වූ මාතෘකා අතර යෝජිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු මෙම  අදහස් පළ කළේය.

 

ජනාධිපති දිසානායක ඉන්දීය රජය සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක දී දෙරටේම ගිවිසුම පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බව තහවුරු විය.

 

දිසානායක ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පළ වූ මත පළ කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළේ ETCA ගිවිසුම ජනාධිපතිවරයාගේ සංචාරයේදී අත්සන් කර හෝ ක්‍රියාත්මක නොකළ බවයි. 

 

 

@newswire

නවතම ලිපි