අප රටේ දුම්රිය සේවය Sexy වී ඇති බවත් එය තවම Healthy වී නැතැයි
ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අය වැය කාරක සභා විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දුම්රියක් ප්‍රමාද වූ විට මගීන් විශාල පිරිසකට ඉන් බලපෑමක් ඇති වන බවත් එය නැතිකර වසරක් ඇතුළත ජනතා ආරක්ෂිත දුම්රිය සේවාවක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.
එහිදී දුම්රිය ස්ථාන සහ විශේෂ දුම්රිය පෞද්ගලික අංශය වෙත ලබාදී Branded කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා පෞද්ගලික අංශයට ආරාධනා කරන බව ද සඳහන් කළේය.