SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ වංචා දූෂණවලට ජපානය ගොදුරක් වූ බව

මෙරට ජපන් තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

 

 

ජපන් තානාපතිවරයා මෙසේ පැවැසුවේ, ‘පොන්ෆයින්ඩර් පදනම‍’ පසුගිය දා කොළඹ දී පැවැත් වූ වටමේස සාකච්ඡාවක් අතරතුරේ නැගුණු පැනයකට පිළිතුරු දෙමිනි.

 

 

ශ්‍රී ලංකාවේ සිදුවන දුෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් ජපාන රජයට දැඩි පීඩනයක් එල්ල වූ බවත්, මෙවැනි තත්ත්වයන් මග හරවා ගැනීමට වත්මන් ශ්‍රී ලංකා රජය සුදුසු පියවර අනුගමනය කරනු ඇතැයි තමන් උපේක්ෂාසහගතව සිටින බවත් ජපන් තානාපති අකියෝ ඉසොමාටා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

 

 

ශ්‍රී ලංකාවේ ආයෝජන සුරක්ෂිතකිරීමේදී ඇතැම් ජපන් සමාගම් විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දුන් බවට මීට පෙර ද චෝදනා එල්ල වී තිබේ.

 

ජපන් සමාගම තවත් පාර්ශ්වයක් සමග ගනුදෙනු කිරීමේ දී කිසිදු අවස්ථාවක අල්ලස් ලබා දීම, කොමිස් මුදල් ලබා දීම ආදී වංචනික කටයුතුවලට සම්බන්ධ නොවන බැවින්, එවැනි කටයුතුවලට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි අකටයුතු කර්ම වලට ජපන් සමාගම සම්බන්ධ කර ගැනීමට මෙරට ඇතැම් පාර්ශ්ව උත්සාහ ගැනීම හේතුවෙන් එම ජපන් සමාගම් ගැටලු වලට මුහුණ දුන් බවත් වාර්තා වේ.

 

 

ඉන්දීය සාගරයේ උපාය මාර්ගික පිහිටීම සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක් වුවත්, සාධාරණ, විශ්වාසදායක සහ විනිවිද භාවයෙන් යුත් ව්‍යාපාරික පරිසරයක් ශ්‍රී ලංකාවේ දකින්නට  නොලැබෙන බව ජපන් සමාගම් පමණක් නොව, ජපන් තානාපති අකියෝ ඉසොමාටා ද පැහැදිලි කර ඇත.

 

 

දූෂණය පිටු දැකීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් ආරම්භ කිරීම ගැන තමන් සතුටට පත්වන බවත්, එවැනි දූෂණ විරෝධී සැලැසුම් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් යැයි තමන් විශ්වාස කරන බවත් ජපන් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

එම වටමේස සාකච්ඡාවේදී ජපාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා පැහැදිලි කළේ, ශ්‍රී ලංකාව බොහෝ පැතිවලින් ජපානයට ඉතා වැදගත් හවුල්කරුවකු බවය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුම සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, ජපන් සමාගම් නව ආයෝජන කිරීමට මෙරටට පැමිණෙනු ඇතැයි මා සිතනවා. ඒත් එසේ කිරීමට නම් ඔවුන්ට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ තිබිය යුතුයි.

 

ජපන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුයි’ යැයි ජපන් තානාපති අකියෝ ඉසොමාටා පැහැදිලි කර ඇත.

 

@dailymirror ඇසුරිනි.

නවතම ලිපි