ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වූ
තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ තම නීතීඥවරයා වූ කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ නිවසේ සිට ඔහුව හමුවී ආපසු සිය වාහනයකින් ගමන් කරමින් සිටියදී නාරාහෙන්පිට ප්‍රදේශයේ දී ය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර අහසට වෙඩි තබා වාහනයටත් වෙඩි තබා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
තුසිත හල්ඔලුවට ද පහරදී ඔහු සතුව තිබූ ලිපිගොනුද පැහැරගෙන ගොස් ඇති බව සඳහන් අතර එම අවස්ථාවේ වාහනයේ ගමන් ගත් නීතිඥ දිනේෂ් දොඩංගොඩට ද පහරදීම් වලින් තුවාල සිදුවී ඇතැයි කියැවේ.
වෙඩි තැබීම් කල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔවුන් රෝහල් ගත කිරීමටද කටයුතු කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක සම්බන්ධ නැව් සමාගමකට මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති බවට බරපතල චෝදනාවක් තුසිත හල්ලොලුව විසින් සිදුකළ අතර මේවන විට ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙමින් තිබේ.