ඔයගොල්ලන් දන්නවා ඉන්දියාවේ ඉතාමත්ම හොඳ තත්වයක් තිබුණා
ජනවාරි පෙවරවාරි මාසයේ. ඇත්තටම ඉන්දියාවේ පෙබරවාරි මාසේ මුළ එකොළොස්දාහක් වගේ තමයි කොරෝනා රෝගීන් හොයාගත්තේ. එතකොට ඉන්දියාවට ඒක ඉතාමත් සුළු පිරිසක් සහ මරණ 15 ක් වගේ තමයි තිබුණේ.
ලංකාවත් අවුරුද්දට කලින් ඒ වගේ හොඳ තත්වයක තිබුණා.
ඉතින් ඒ වුණාට ඉන්දියාවේ ක්‍රිකට් මැච් තිබුණා, ඡන්ද රැස්වීම් තිබුණා. ඒ එක්කම අවාසනාවකට නව ප්‍රභේදයක් ඒ රටට ආවා. එතකොට නව ප්‍රභේදයි රැස්වීමුයි ඔක්කොම එකට ආවම දැන් ඉන්දියාවට මොකද වෙලා තියෙන්නේ කියලා තවදුරටත් මම කියන්න අවශ්‍ය නැහැ. ඔක්කොම ප්‍රවෘත්තිවලින් ඔබට පේනවා කොච්චර ගණනක් මිය යනවද? කොච්චර ඔක්සිජන් නැතිව තියෙනවද? අයිසීයූ පහසුකම් නැතිව කීදෙනෙක් මියයනවද කියලා.
ඉතින් ලංකාවට එම තත්වය නොවෙන්න වගබලාගන්න ඕන.
දැන් ඇත්තටම හුඟ කාලෙකට පස්සේ හැමෝටම හොඳ අවුරුද්දක් ගත කරන්න ලැබුණේ. ඉතින් ඒ නිසා හැමෝම ඉතාමත්ම ප්‍රීතිමත්ව ඒ අවුරුද්ද ගත කළා. ඒ වුණාට අවාසනාවකට මෙන් ඒ හැසිරීම් රටාව හින්දා කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩිවෙලා විතරක් නෙවෙයි අපේ අවාසනාවට මෙම රටට නව ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා.
ඒක ඉතාමත්ව අවාසනාවන්තකාරී තත්වයක්.
මේ නව ප්‍රභේදය අපේ කලින් තිබ්ච්ච ප්‍රභේදයට වඩා වෙනස් විදිහට ක්‍රියාකරනවා කියලා අපිට පෙනීගෙන යනවා. ඒක කලින් තිබ්ච්ච පළවෙනි රැල්ල දෙවෙනි රැල්ලට වඩා අපේ මේ දැන් ඇවිත් තිබෙන ප්‍රභේදය මොකක්ද කියලා අපි ඉදිරි දවස් කීපය ඇතුළත කියනවා.
මේ නව ප්‍රභේදය පැතිරීගෙනයාම ඉතාමත්ම දරුණු විදිහට සිදුවෙනවා.
වෙනදට එක්කෙනෙක් දෙන්නෙකුට විතරක් රෝගය බෝකරනවා නම් මේ අවස්ථාවේ එක්කෙනෙක් ගෙන් පස් හය දෙනෙකුට මේ රෝගය බෝ වෙනවා. එම නිසයි අපි ආරක්ෂා විය යුත්තේ.
ඒ වගේම දැන් අපි දන්නවා ලංකාව කොරෝනාවලට බය නැහැ. ඒක සාධාරණයි.
මොකද ඒකට හේතුව මෙතෙක් කල් ඒක හැදුනහම 90% විතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. එතකොට කොවිඩ් ආසාදිතයෙක් වෙලා තමන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්නම් ඒකට ඇත්තටම බියවීමට හේතුවක් නැහැ. ඒ වුණාට මේ අවස්ථාවේ අපිට දකින්න ලැබෙනවා ඊට වඩා සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ සහ තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා.
දැන් ඉන්දියාවේ සහ අපේ ජාන රටාව වෙනස්. ඉන්දියාවෙත් අපි දන්නවා ගොඩක් තරුණ අය ආසාදිතයන් බවට පත්වෙනවා සහ තරුණ අයගේ මිය යන සංඛ්‍යාව ඉන්දියාවේ වැඩිවෙලා තියෙනවා.
ඉතින් මේ නව ප්‍රභේදත් එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්.
අනිත් එක තමයි මේක බෝවෙන්නේ කොහොමද කියන එක. දැන් හැමෝම දන්නවා සමාජ දුරස්ථභාවය සහ මාස්ක් දාගෙන ඉදීමේ වැදගත්කම. ඒ අර බිඳිතිවලින් පැතිරෙන හින්ද.
නමුත් ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනස් පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙනුත් බෝ වෙනවා කියලා.
එතකොට මේ වාතයෙන් බෝවෙනවා කියන එක මොකක්ද කියලා පැහැදිළි කරන්න මම කැමතියි.
ඒ කියන්නේ දැන් මම ආසාදිතයෙක් නම් මම මාස්ක් එක ගලවලා ඒ අවස්ථාවේ මම කතා කරොත් එහෙම මේ වාතයේ මේ වෛරසය පැය එකහමාරක් විතර තියෙන්නට පුළුවන්.
එතකොට මම විනාඩි දහයකින් විතර මෙතනින් එළියට ගිහිල්ලා ඒ අතරතුර මාව කවදාවත් හම්බෙච්ච නැති පුද්ගලයෙක් මෙතන ඇවිත් මාස්ක් එක ගලවලා ටිකක් වෙලා හිටියොත් එහෙම ඒ වෛරස් ටික ඒ පුද්ගලයා ආශ්වාස කරනවා. එතකොට ඒ පුද්ගලයා මාව හම්බවුණේ නැති වුණාට කවදාවත් මගෙන් වාතයට එම වෛරසය ගිහිල්ලා එම පුද්ගලයා මෙතන ඇවිල්ලා එම වෛරසය ආශ්වාස කරපු හින්දා ඔහුට මෙම වෛරසය හැදෙන්න පුළුවන්.
ඉතින් ඒක නිසා තමයි මාස්ක් දැමීම ඉතාම වැදගත්. මේ හැම දේකටම වඩා වැදගත් වෙන්නේ මාස්ක් එක දැමීම විතරක් නෙවෙයි. මාස්ක් එක හරියට දැමීම.
දැන් අපි හොඳට දකිනවා පාරේ යනකොට මාස්ක් එක දානවා ඇතුලට ආව ගමන් මාස්ක් එක ගලවනවා.
ඉතින් ඇත්තටම හරි අමාරුයි මාස්ක් එකක් දාලා කතා කරන එක. විශේෂයෙන්ම යාලුවොත් එක්ක මාස්ක් එකක් දාගෙන දිගටම කතා කරනකොට හතිය වගේ දැනෙනවා, මහන්සියි, හරියටම හැඟීම් පේන්නේ නැහැ යාලුවගේ.
ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩක් අය ඇතුළට ආවම මාස්ක් එක ගලවනවා.
නමුත් අතුලෙදි තමයි වැඩිපුරම මාස්ක් එක දැමීම වැදගත්. යාලුවොත් එක්ක කතා කරනකොට මේ මාස්ක් එක දැමීම ඉතාමත්ම වැදගත් වෙන්නේ තමන්ව තමන්ගේ යාලුවන්ව සහ තමා සමඟ වැඩ කරන අය ආරක්ෂා කිරීම සඳහා.
එතකොට මේක එයාබොර්න් ට්‍රාන්සිෂන් ඒ කියන්නේ වාතයෙන් බෝවෙන හින්දා වෙනදාටත් වඩා, මාස්කා එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමීම ඉතාමත්ව වැදගත්.
ඒ වගේම තමන්ට ඇත්තටම අවශ්‍ය නැති තැනකට, ඒ කියන්නේ කට්ටිය ගොඩක් ඒකරාශී වෙන තැන්වලින් තමයි මේක වැඩිපුරම බෝවෙන්නේ. ඒ මොකද එතන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට වෛරස් ප්‍රමාණය වාතයේ තියෙන සාන්ද්‍රනය වැඩි වෙනවා. එතකොට වාතයේ තියෙන සාන්ද්‍රන ප්‍රමාණය වැඩි වෙනකොට තමන් රෝගියෙක් වීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ පුරුදු තමයි වැදගත්.
අර මම කිව්වා වගේ අවාසනාවකට අපිට අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට මුහුණ දෙන්න නම් හැමෝටම සාමූහිකව කටයුතු කිරීම වැදගත්.