SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරවම රූපලාවන්‍ය ආලේපන හා රූපලාවන්‍ය බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චිය බහුල වෙලා තියෙනවා.

 

මේ තරගකාරී ලෝකයේ තම ලාභය පමණක් කේන්ද්‍ර කරගත් වෙළඳපොල ක්‍රමය තුළ මිනිසුන්ට ආහාරවලිනුත් වස විස කවන මොහොතක මේ පුවත ගැන පුදුමවිය යුතු නැත. එහෙත් ලොකු කුඩා, බාල මහළු, ගැහැණු පිරිමි, හැම දෙනාම අඩු වැඩි වශයෙන් එදිනෙදා භාවිතයට ගන්නා රූපලාවන්‍ය ආලේපන ගැන ඔබත් දැනුවත් විය යුතුය. කොරෝනා වසංගත තත්ත්වය සමග වඩාත් සීග්‍රයෙන් හුවමාරුවන අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිළදී ගැනීම් තුළ රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට ඇත්තේ ප්‍රධාන තැනක්. සත්‍යය සහ බොරුව යා කරමින් සකස් වෙන පෝස්ට් හරහා ඕනෑම කුණු ගොඩක් මිනිසුන්ගේ ඇගේ ගසා මුදල් උපයන මේ මොහොතේ ඔබත් ප්‍රවේශම්වන්න!

 

 

cos mo

 


මේ ඒ පිළිබඳ ද ලීඩර් වෙබ් අඩවියෙන් උපුටාගැනුනු පුවතකි.


වෙළදපොලේ ඇති ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන සහ සුවඳ විලවුන් සම්බන්ධයේ පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.

එම අධිකාරියේ පාරිභොගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය අලේපන භාවිත කිරීමෙ හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණදුන් පුද්ගලයින්ගෙන් සිය ආයතනය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ රූපලාවන්‍ය අලේපන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අසේල බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

 

cos 800 800

 



සිය ශරීරය සුදුවීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකින් ගත් ආලේපන වර්ගයක් භාවිත කිරීමෙන් සිය ශරීරය අවපැහැ ගැන්වී ස්වර්ණාභරණ සියල්ල විනාශ වූ බව සඳහන් කරමින් ගම්පහ ප්‍රදේශයේ තරුණියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල ඊයේ (28 වැනිදා) විභාග කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර පරීක්ෂාවට ලක් කර ඇත.

ලියාපදිංචි නොකළ වෙළෙඳ නාමයක් යටතේ චීනයෙන් ආනයනය කර ඇති මෙම ආලේපන වර්ගය මෙරටදී නැවත ඇසුරුම් කරණයකට ලක් කර අලෙවි කරයි. එක් ඇසුරුමක් රුපියල් 6000 කට අලෙවි කරන අතර මෙම තරුණිය ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබේ.

එම ආලේපන භාවිත කිරීමෙන් තමන්ට ලක්ෂ දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ ද අහිමි වූ බව තරුණිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙයි.

මෙම ආලේපන වර්ගයේ කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය ද සඳහන් ව නොමැති අතර මෙම රූපලාවන්‍යාගාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.



ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම යටතේ ඇති ආලේපන වර්ග භාවිත කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

 

 

cos 2




කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවෙලා !



මේ අතර නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.

ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු බහාලූම් අංගනයේ සැක සහිත බහලූමක් තුනක් පරීක්‍ෂා කිරීමේදී මෙම රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

 

cos 4

 

ijik

 

jhjhj






රේගුවේ ඡායාරූප - ලංකාදීප පුවත්පතින්.

 

 

නවතම ලිපි