SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව BBC ය වාර්තා කරනවා.

කණ, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොලය දක්වාම පැතිරයා හැකි බවයි අනාවරණ වී ඇත්තේ. මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකියි.

මෙලෙස කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින්.

ආසාදිතයෙක් මරණයට පත්වීඅට 50%ක පමණ සම්භාවිතාවක් ඇති මෙම තත්වයට කොවිඩ් රෝගයෙන් සුවපත් වූවන් ගොදුරු වීමට හෙතුව ලෙස වෛද්‍යවරුන් අනුමාන කරන්නේ කොවිඩ් අසාධ්‍ය වූ රෝගීන්ට ලබා දෙන දැඩි ප්‍රතිකාර තත්වයන් වේ. මෙහිදී ප්‍රතිශක්තිය පහත වැටීම හේතුවෙන් මෙම මියුකෝ මයිකොසිස් සක්‍රීය වෙතැයිද වෛද්‍යවරුන් අනුමාන කරයි.

 Newshub.lk

නවතම ලිපි