ක්ලීන් ශ්රී ලංකා කියන්නේ වෙරළ තීර, පාරවල්, කාර්යාල,
බස්රථ/ත්රීරෝද රථ සැරසිලි වගේ අහුමුළු සුද්ද කරන වැඩසටහනක් නොවේය කියල අපි නම් දිගින් දිගටම කිව්ව.
මේ වැඩසටහන එන්නෙම රටේ දුෂණ අක්රමිකතා නැති කරන්න, හොරකමට දඩුවම් දෙන්න, බදු යාන්ත්රණය සකස්කරන්න, බදුවලින් තෝරු මෝරු පැනල යෑම වලක්වන්න, නීතියේ යුක්තියේ කඩතොලු වහන්න වගේ සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ලීන් කරන්න කියලත් අපිනම් කිව්ව.
කොහොම උනත් අද ගොසිප් තීරයට ආවෙ 2008 මාතර දිසා අධිකරණයේ පවරපු බෙදුම් නඩුවකට 2011 ඉඳලම වැලිගම ප්රාදේශීය සභාව විසින් කිසිදු අදාලත්වයක් නැතිවම රජයේ මුදල් නීතී ගාස්තු විදිහට ගෙවීමක් ගැන තොරතුරක්.
කතාව මෙහෙමයි. බෙදුම් නඩුවලට ප්රාදේශීය සභාවක අදාලත්වයක් නැහැනේ. අදාළ වෙනවනම් ප්රාදේශීය සභාවට අයත් රජයේ ඉඩමක් සම්බන්ධ කාරණයක් වෙන්න ඔින.
ඔය කියන බෙදුම් නඩුවේ 11, 12, 13, විත්තිකරුවන්ට වැලිගම ප්රාදේශීය සභාවෙන් 2011 වසරේ (එම විත්තිකරුවන් තිදෙනා නඩුවට බැඳෙනුයේ 2011 වසරේදීය) මේ දක්වා එක්තරා නීතිඥයෙකුට මුදල් ගෙවමින් තියෙනවලු. ඒ එක් නඩු වාරයකට රුපියල් 25000 ක් ඉක්මවා යන මුදලක්ලු. ඊට අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුලත් ගොනුවකුත් ප්රාදේශීය සභාවෙම තියෙනවලු. (දැන් බැට්ට දුවල ගිහින් ගොනුව උස්සයිද දන්නෙ නැහැ.) මේ ගැන හෙළිකරන්නේ ප්රාදේශීය සභාවේම නිළධාරිනියක් ලු.
මාර අපබ්රංසයක් නේද?
හේතුව මොකක්ද දන්නවද?
ඔය නඩුවෙ නඩුවේ එකොලොස් වන විත්තිකරු වෙලා තියෙන්නෙ වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වුනු පුෂ්පකුමාර බැට්ටගේ ලු.
ඉතිං බැට්ටගේ ප්රාදේශීය සභාවේ සභාපති නිසා උන්දැට එල්ලවෙන ඔිනම පෞද්ගලික වියදමක් ප්රාදේශීය සභාවේ ගිනුමට තමයි බැර කරල තියෙන්නෙ බලන් ගියහම.
ඒකෙ අනෙක් විත්තිකරුවො දෙන්නත් ප්රාදේශීය සභාවේ මන්ත්රීලා ලු.
වැඩේ කියන්නෙ හොඳම කෑල්ල තියෙන්නෙ මෙතන. මේක ජාවාරමක්ලු.
ඔය විදිහට නඩුවලට නීතීඥ උන්නැහේට චෑන්ස් අරන් දුන්නම බැට්ටගේ උන්නැහේට කොටසක් හම්බවෙනවලු.
මේ කියන බැට්ටගේත් මේ විදිහට තවත් නඩු පටලවල ප්රාදේශීය සභාවේ මුදල් නීතිඥ ගාස්තු විදිහට ගෙවල ඉන් වැඩි කොටහක් ඒ නීතිඥයින්ගෙන් ගන්න ක්රමයක් තමයිලු කරගෙන ගිහින් තියෙන්නෙ.
මේ වෙද්දි මේගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලත් අදාළ තැන්වලට දැනුම්දීලය කියලත් ආරංචියි.
දූෂණ අක්රමිකතා ඇරැඹෙන්නෙම රජයේ පුංචිම ආයතනවල හිටන්ය කියලයි අපේ මිත්රයො මේ කතාව අහල කතා උනේ.
වැඩේ තවත් ලස්සන වෙන්නෙ මේ ගැන තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු දෙන්නෙ නැද්ද කියලයි.
බලමුකො වැලිගම ප්රාදේශීය සභාව තව කොච්චර කාලයක් අනුන්ගෙ නඩුවලට නීතීඥ ගාස්තු ගෙවන දන්සැල කරන් යයිද කියල.
“ක්ලීන් ශ්රී ලංකා මේ ඔබේ අවදානයටයි” කියල කාට හරි මෙන්ෂන් කරන්න කෙනෙක් ඉන්නවනං ගොසිප් තීරයට දන්වන්න හොඳේ.
#gossip