SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයන මේ සමයේ ගැබිණි මවුවරුන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් දැනුම්දෙනවා.

 

ඒ ගැබිණි මවගේත්  කුසතුල සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත් වන නිසා.

එබැවින්  කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි.

ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැනුම්දීම වී තිබෙන්නේ.

ඒ වගේම  සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ගර්භනී මව්වරුන්  වෙත දැනුම්දී සිටිනවා.

1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න.

2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පළඳින්න.

3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම,

4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම,

5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම.

 

pregee 2

 

සායනවලට යොමුවීම -

එසේම කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ඇතැම්  ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙන බවත් සෞඛ්‍ය අංශ වෙත නිරීක්ෂණය වී තිබෙනවා. ඒ සම්බන්ධ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ සායන සහ ප්‍රතිකාර සඳහා යොමුවීමේ ප්‍රමාදය ගැබිණි මවගේත්, කුස තුල සිටින දරුවාගේත් සෞඛ්‍යයට අහිතකර බවයි.

මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී, සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා වියහැකි බවත්  එමනිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා  හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය  හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වෙන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටිනවා.

අවදානම් සංඥා -

ඒ වගේම “ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම් සංඥාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියවත් දැනුවත් කිරීමත් ඉතාම වැදගත්.

ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුළ කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්  ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට  ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැකකරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය  දැනුවත් කරන්න අමතක කරන්න එපා.

එහිදී ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔහුගෙන් හෝ  ඇයගෙන් ඈත්ව සිටින්න.

යම්හෙයකින්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්.

මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න.

 

pregee 6

ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හෝ 1999 සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍ය වරයෙකු හෝ අමතා ඔබගේ ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් අවස්ථාව සළසා දී තිබෙනවා. 

 

මිත්‍යාවන් හා හොර වෙදුන්ගෙන් පරෙස්සම් වන්න - 

ඒ වගේම ඔබ විශේෂයෙන්ම සිහිතබා ගතයුතු කරුණක් තිබෙනවා. ඒ නිතරම වෛද්‍ය උපදෙස් මත පමණක් කටයුතු කිරීම. ඒ හැර විවිධ මිත්‍යාවන්, හොර වෙදුන් වැනි කූඨ ජාවාරම්කරුවන් මේ සමයේ විවිධ ස්වරූපයෙන් මතුවීමේ අවධානමක් තිබෙනවා.

 

pregee 1

ඒ නිසා ඔබෙත් කුසේ සිටින දරුවාගේත් ආරක්ෂාව සඳහා වෛද්‍ය උපදෙස් මත  පමණක්ම කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා.

 

උපුටාගැනීම - TheleaderTV

නවතම ලිපි