SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් සංඛ්‍යාලේඛන උස් මහත් කරමින් සිටියි. අපි නිතරම කුඩා දේකටත් පාරම් බාන ජනතාවකි. ඒ පාරම්බෑම කොතෙක් ද යත් මරණය මුව විටට පැමිණෙන තෙක්ම අපි, ‘අපි කොරපු හැටි’ ගැන පාරම් බෑවෙමු.

ඉන් පසු කාගෙ පිට හෝ වරද පටවා කෙළවාගන්නා හැටි බලමින් විනෝද වන්නෝය. සංචරණ සීමා යළිත් වරක් පැමිණ ඇත. ආර්ථිකය අසමබරව මිනිසුන්ගේ අවම ආහාර වේලද අහිමිවී යෑමට ආසන්නය. එදා වේල හොයා ගන්නා දෛනික සේවක සේවිකාවන්ට උන්ගේ පවුල්වලට දෙයියන්ගේම පිහිටය. දෙයියන්ද ගල් පිළිම හා බොල් පිළිම පමණක් බව පසක් වී හමාරය. ඉදින් කුසගින්නේ මියෙන ජනතාවකට ඇත්තේ කුමන බලාපොරොත්තුවක් ද?

කෙසේ වුවත් අපි විනයක් නැති රටක විනයක් නැති පාලකයෝ සහ පාලිතයෝ ලෙස සුපිරියටම අවුරුදු කෑවෙමු. තලු මරමින් ඒ ගැන කියෙව්වෝය. දැන් කරටියටම කැඩිලා හතර අතට ඇගිලි දික්කරනවාය. හේතුව ඒ ඇගිල්ල තමන් වෙතද එල්ල වේ යැයි නොපෙනෙන මනසක් හිමි නිසාය.  

බ්රිතාන්ය අගමැති 4

 

ඒ අතරතුර අපි අගය කළයුතු දේ පරසක්වල දෙයක් උවත් අගය කළ යුතුය. මේ බ්‍රිතාන්‍යයේ අද තත්ත්වය ගැන ලියැවුනු සටහනකි.

“ඔබලාට දැන් සිය ආදරණීයයන් වැළද ගත හැක. Covid අපට පහර දෙන්නේ නැත” යනුවෙන් බොරීස් ජොන්සන් ඊයේ සිය ජනතාවට සහතික විය. එංගලන්තය පුරා ඇති, අවන්හල් සහ ආපනශාලාවල නැවත පාරිභෝගිකයින්ට අසුන් ගත හැකිය. පුද්ගලයන් හය දෙනෙකු හෝ කුටුම්භ දෙකක් දක්වා රැස්වීම් ගෘහස්ථව පැවැත්වීමට අවසර දෙනු ලැබේ. හෝටල්, බාර්, සිනමා ශාලා සහ කෞතුකාගාර නැවත විවෘත කිරීමට නියමිත අතර අවමංගල්‍ය ශෝකවන්නන්ගේ සීමාවන් අවලංගු කර ඇත.

බලධාරීන් විශ්වාස කරන්නේ මෙම බාධා ඉවත් කිරීමෙන් වෛරස් ආසාදන නැවත ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

ඊයේ සවස ඩව්නිං වීදියේ පැවති මාධ්‍ය හමුවකදී ජොන්සන් මහතා මෙසේ කියයි:

“දත්ත අප දැනටමත් දන්නා දේ පිළිබිඹු කරයි - මෙම වෛරසය අපට පහර දීමට අපි ඉඩ නොදෙමු”

බ්රිතාන්ය අගමැති 1

“මාර්ග සිතියම තවමත් ක්‍රියාත්මකයි, අපගේ සාර්ථක එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවතී. එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකට දැන් පළමු එන්නත ලබා දී ඇත. අපට දැන් ප්‍රවේශමෙන් නමුත් ආපසු හැරවිය නොහැකි ලෙස අගුළු ඇර බලා සිටිය හැකිය. එයට හේතුව අප ජීවිත බේරා ගැනීම, එන්එච්එස් ආරක්ෂා කිරීම සහ වෛරසය පාලනය කිරීම යන බ්‍රිතාන්‍ය මහජනතාවගේ නොසැලෙන කැපවීමයි”

ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශකයා වන මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් මෙසේ පැවසීය.

 “සමාජ දුරස්වීමක් සහ වෙස්මුහුණු නොමැති අනාගතයක් අපට ඇත, නමුත් ගෝලීය දෘෂ්ටිකෝණයකින් අප තවමත් එයින් බොහෝ දුරක් සිටිමු. මෙම එන්නත මෙම වසංගතයෙන් මිදීමට ඇති මාර්ගය වන අතර ජීවිත දස දහස් ගණනක් බේරාගෙන ඇතත් එම කාර්යය තවමත් සම්පුර්ණයෙන් සිදු කර නොමැත. කාලය පැමිණි විට, එය ලබා ගන්නා ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි”

 

බ්රිතාන්ය අගමැති 3

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මිලියන 17.6 කට වැඩි පිරිසකට මේ වන විට වැක්සින් දෙකම ලැබී ඇති අතර, එංගලන්තය සහ උතුරු අයර්ලන්තය ඔවුන්ගේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 33.6 ක් සඳහා මාත්‍රා දෙකක් ලබා දී ඇතැයි ගණන් බලා තිබේවේල්සයට සියයට 33.4 සහ ස්කොට්ලන්තයට 33.1

https://www.dailymail.co.uk/.../Boris-Johnson-vows-Covid...

නවතම ලිපි