SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුරා වසරක ගෘහස්ත හෝ එලිමහන් සංගීත රාත්‍රීන්ගේ තහනම අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඊයේ මනහර වුත් උත්කර්ෂවූත් සංගීත රාත්‍රියක ගිලුනි.

 

බ්‍රිතාන්‍ය සංගීත කර්මාන්තයේ විශිෂ්ටයන් හදුනාගන්නා BRIT Awards පැවතියේ ඊයේය. ඒ 2021 විශිෂ්ටයන් හදුනාගැනීම සඳහාය. එය වසරේ ජනප්‍රිය හා සම්භාව්‍ය සංගීතය උදෙසා සම්මාන පිරිනමයි.

සම්මාන රාත්රිය 1

2021 බ්‍රිට් සම්මාන උළෙල අඟහරුවාදා රාත්‍රියේ සජීවී සංගීතයට නැවත පැමිණීම සනිටුහන් කරමින් ඩුවා ලිපා Dua Lipa වසරේ හොඳම ඇල්බමය සඳහා ඉහළම ත්‍යාගයද, බ්‍රිතාන්‍යයේ හොඳම ඒකල කලාකරුවාට හිමි සම්මානය ද යන ද්විත්වයම දිනාගනු ලැබුවාය.

ඇය ස්වකීය සම්මාන ද්විත්වයම පුද කර සිටියේ මේ වර්ෂයේ ලංඩනය හරහා ගලායන තේමිස් නදියට පැන සිය ජිවිතය නැතිකර ගැනීමට උත්සාහ කල නොහදුනන කාන්තාවක් බේරා ගැනීමට තම ජීවිතය නොතකා ඉදිරිපත් වු කලු ජාතික ජිමි වෙනුවෙනි. එහෙත් ඒ නිර්භය උත්සාහයේදී ඔහු මිය ගියේය.

 

සම්මාන ැාත්රිය 2

 

අනතුරුව පැවති ඇගේ කතාවේදි ගායිකාව බ්‍රිතාන්‍ය අගමැතිගෙන් එක ඉල්ලීමක් කලාය. ඒ සිය ජීවිත හෝ තම ආදරණීයයන් නොතකා කොරොනා වෛරස් ආසාධිතයන් වෙනුවෙන් කැපවු ජාතික සෞඛ්‍ය සේවයේ සියල්ලන්ටම එක හා සමාන වැටුප් වැඩි කිරීමකි.

 

සටහන උපාලි ජයසිංහ

නවතම ලිපි