SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය මේ වනවිට ඇණහිට තිබේ.

ඒ, එම රෝහලට අනියුක්ත ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග එම රෝහලේ සෙසු ගිලන් රථ රියදුරන් නිරෝධායනයට යොමුකිරීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ කියා සිටියේ ආසාදිත රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති නිසා සියලු රියදුරන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කල බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් කළුබෝවිල ශීක්‍ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහලට ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කටයුතු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පවසනවා.

මේ සියළු කාරණා අනුව පවත්නා අවදානම්  තත්ත්වය යටතේ ඔබේ ආරක්ෂාව ඔබම සලසාගත යුතු බව වඩාත් හොඳින් අවධාරණය වේ.

පරිස්සම් වන්න! ඔබේ ආරක්ෂාව ඔබම සළසා ගන්න!

නවතම ලිපි