SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කොබෙයිගනේ බොරළුගොඩ  පදිංචි ඇයට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර තිබේ.

එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙය කොරෝනා වයිරසය ආසාදනය මෙරට සිදුවූ තෙවන ගැබිණි මරණය බව සෞඛ්‍ය අංශ කියයි.

ගර්භනී මව්වරුන් වෙත නැවත නැවතත් අවධාරණය කළ යුත්තේ පහත දක්වා ඇති පරිදි සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශය හා සෞඛ්‍ය විශේෂඥයින් දී ඇති නිල උපදෙස් පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

 

 

 

නවතම ලිපි