SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටවල් රාශියකට තවම එකම එන්නතක් වත් ලබා ගැනීමට නොහැකිවී ඇති පසුබිමක

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී අප රටට එන්නත් වර්ග කිහිපයක් සුළුවෙන් හෝ ලබා ගැනීම ගැන පළමුව රජයට ස්තූතිවන්ත වෙමි.

එහෙත් මේ එන්නත් ජනතාවට ලබා දෙන ආකාරය ගැන කිසිසේත් සතුටු විය නොහැක . සැලසුමකින් තොරව කොවිඩ් තව පැතිරෙන ආකාරයෙන්, ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වන ආකාර‍යේ ක්‍රමයක් අනුගමනය කරමින් අවිධිමත් ආකාරයෙන් මහජනතාවට එන්නත් ලබාදීම ගැන ගැන මම සෞඛ්‍ය බලධාරින්ට දොස් පවරමි. පැය ගනන් පොලිම් වල ලගිමින්, රංඩුවෙමින්, බැන ගනිමින් මේ එන්නත් ලබා දීමේ ක්‍රම වේදයට වහාම තිත තැබිය යුතුය. සෞඛ්‍ය බලධාරීන්හට මේ ලැබුණු එන්නත් ලබාදීමට ඇත්තේ පුදුමාකාර හදිසියකි.

 

vaccination demand.jpg 2

 

විදෙස් රටක් මෙය සිදුකළ අයුරු බලමු.

පළමු වටයේදී එන්නත් කරණයට සුදුසුසන් තේරීම සිදුවිය. එන්නත් අවශ්‍ය තරම් රැස්කර තබා ගැනීම ඊලඟ පියවර විය. ප්‍රමුඛතා පිළිවෙල සකස් කිරීම ඊලඟ අදියරෙදී සිදුවිය. වයස, රැකියාව නිසා බෝවීමට අවදානමක් ඇති සහ නොයෙක් රෝගාබාධ ඇති අය, සෞඛ්‍ය සේවා, හමුදා මේ ගණයට අයත්ය. වයස 60 ඉක්මවූ අය සහ අනෙකුත් නිරොගි වැඩිහිටියන් ඊළඟ ලයිස්තුවේ විය.

පරිඝණක මෘදුකාංගයක් මගින් සියලු ජනතාවගේ දත්ත විශ්ලේෂණය සිදුකර අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැනට එන්න කියා පණිවිඩයක් හා බාර් කෝඩ් එකක් පවුලේ සාමාජකයෙකුගේ දුරකථනයට ලැබෙයි.

vaccination demand.jpg 3

අප රටේ 2021 පෙබරවාරි 10 දින ඔය කිවූ ආකාරයේ මෘදුකාංගයක් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව එන්නත් කරණය සඳහා ලියා පදිංචිය ආරම්භ කළේය. එය අතුරුදහන්වීමට පෙර එයට පිවිසීමට මට අවස්ථාව ලැබුනි. නම, ලිපිනය, උපන්දිනය, ජාතික හැදුනුම් පත් අංකය,දුරකථන අංකය, විද්‍යූත් තැපෑල, , උස, බර, ලෙඩරෝග පිලිබඳ ඉතිහාසය, අසාත්මිකතා, පවුල්වල ලෙඩරෝග සියල්ල විමසා, පලාත,ග්‍රාම සේවා කොට්ඨාශය ය,එහි අංකය, අයත්වන ප්‍රාදේශීය සභාව, එන්නත ලබා ගැනීමට කැමති ස්ථාන කිහිපයක් දී එයින් තෝරා ගැනීමට ඉඩ ලැබුණි. අප කැමති සියල්ල නිමවු පසු පැමිණිය යුතු ස්ථානය, දිනය, වේලාව දුරකතනයට දැන්වීම අරමුණු කරගෙන තිබුණි.

අවාසනාවක මහත! සුලු මොහොතකින් එම වෙබ් අඩවිය සිරවී තිබුණි. එය ක්‍රෑෂ් වූවා දැයි සිතමින් දිනය පුරාවට මද, ඊට පසු දින දිනපතාම මාස 3 ක් තිස්සේම එයට පිවිසීමට මා කළ උත්සාහය නිෂ්ඵල විය.

කොළඹ මහනගර සභාව මෙයට සමාන ආකාරයකට කොළඹ ස්ථාන කිහිපයක online ලියාපදිංචිය අරඹා ඇත. දැනටම බිඳවැටී තියේද නොදනිමි.කොළඹ නගර සභා වෙබ් අඩවියට පිවිස බලන්න.දැන් බොහෝ නිවෙසකම මේ ආකාරයේ ලියා පදිංචි කිරීම් පහසු වුවත් සමහරුන්ට එලෙස පහසුකම් නොමැති විය හැකිය.

vaccination demand.jpg 4

ඒ අය සඳහා වෙනම දින දීමක් ග්‍රාම නිලධාරි හරහා සිදුකළ හැකිය. ඒ සුදුසු අය කවුද , කියන්නෙ බොරුද කියා ඔහු හොඳින්ම දන්නා නිසා කෙළින්ම එතැනට එන අය සීමාවේ. එබැවින් පොරකෑම්, රංඩු සරුවල් නැතිව සාමකාමිව, සාධාරණව, එන්නත් කිරීම සාර්ථකව සිදුකරීමට බලධාරින්ට ඉඩ ලැබෙනු ඇත.

අප රටේ මෙතරම් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන් සිටිද්දී , සංකීර්ණ බැංකු ගනුදෙනු ලක්ෂ ගනන් දිනපතා සිදුවෙද්දී, චිත්‍රපටියක් බැලීමට ටිකට් , වෛද්‍යවරුන් චැනල් කිරීම් ටැක්සියක් පවා අත නොවනා ගෙදරටම ගෙන්වාගන්න පුළුවන් රටක මෙවැනි සුලු පරිඝණක වැඩ සටහනක් පණ ගැන්වීමට මාස3 ක් ගතවුවත් බැරිවුනා කියන්නේ එතැන වෙන අර්බුදයක් ඇති බවයි.

බාර් කෝඩ් එක නැතුව එන්නත ලබා දීමට ඇතුලට ගන්නේ නැතිනම් බොහෝ ලොකු ලොක්කන්, පන්දම්කාරයන්ට සිදුවන්නේ ලොකුම අකරතැබ්බයකි.හැමෝම ඒ ගැන සිටින්නෙ හොඳ අවබෝධයෙන් බව හැමෝම මතක් තබා ගැනීම යහපති.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

Thecolombopost.lk

නවතම ලිපි