SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“කොවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ මමත්, මගේ කැබිනට් මණ්ඩලයත් සිටින්නේ බොහෝ පිටුපසිනි.

මේ මොහොතේ රට පාලනය කිරීම විද්‍යාඥවරුන්ට සහ වෛද්‍යවරුන්ට මා විසින් බාර දී ඇත. මක්නිසාද යත් කොවිඩ් යනු සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඒ ගැන තීරණ ගැනීම සහ වගකීම අයිති වන්නේ සෞඛ්‍ය අංශවලටය. මමත් මගේ ඇමති මණ්ඩලයත් සෞඛ්‍ය ගැන දන්නේ නැත. ඒ නිසා මම පසුපසට වී සෞඛ්‍ය අංශ විසින් මාගේ රට බේරාගන්නා අයුරු බලාසිටිමි”

මේ ලෝකයේ තවත් ගැහැණියක් විසින් පාලනය ගෙන යන රටක  රාජ්‍ය නායිකාවක දැක්වූ අදහස්. කොරෝනා වසංගතය හමුවේත් ‘මමයි රජා’ සංකල්පය අතහැර, ‘මට වඩා කොරන්නට කව්රුත් නැහැයි’ යන පුරුෂ චින්තනය  අතහැර මේ මොහොතේ සිදුවිය යුතු වඩාත්ම සුදුසු දේ කුමක්ද යන්න තෝරාගැන්මට ඇයට තිබු මානව සංස්කෘතික ලක්ෂන අප වැනි ‘ණයට ගෙන කන රටවලට’ නොහැකි වන්නේ මන්ද?

 

anjela marker 00

මේ ජර්මන් රාජ්‍ය නායිකා ඇන්ජලා මර්කෙල්.

ලොව පුරා වසංගතය මැඩපැවැත්වීම සඳහා ජර්මනිය දරන උත්සාහයේ කොටසක් ලෙස තමන්ගේ රට මේ වසරේ දුප්පත් රටවලට COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 30 ක් පරිත්‍යාග කරන බව චාන්සලර් ඇන්ජෙලා මර්කල් පසුගිය සිකුරාදා ප්‍රකාශ කළාය.

“අපි මෙය කරන්නේ ඇත්ත වශයෙන්ම, අපි ඇණවුම් කළ එන්නත් සැබවින්ම පැමිණේ යැයි උපකල්පනය කරමිනි, වසර අවසානයේදී දුප්පත්, වඩාත් සුදුසු සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉන් මාත්‍රා මිලියන 30 ක් ලබා දීමට අපි කල්පනා කරන්නෙමු” මර්කෙල් පැවසීය.

 

anjela merkel

COVAX ගෝලීය එන්නත සඳහා ජර්මනිය තවත් යුරෝ මිලියන 100 ක් කැප කර ඇත්තේ මෙයට අමතරවය.

“අපව ආදර්ශයට ගන්න”

ගෝලීය සෞඛ්‍ය සමුළුවක් අවසානයේ අගනුවර බර්ලිනයේ මාධ්‍යවේදීන් සමඟ කතා කළ මර්කෙල්, අනෙකුත් යුරෝපා සංගම් රටවලින් ඉල්ලා සිටියේ ප්‍රමාණයට ඉහලින් සිය ඉල්ලුමට වඩා ඉතිරිව ඇති එන්නත් පරිත්‍යාග කිරීමේදී “අපව ආදර්ශයට ගන්න” යනුවෙනි.

Covid 19 වලින් බොහෝ පීඩාවට පත් දුප්පත් හා සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් අප්‍රිකාවේ රටවල් කිසිදු එන්නතක් රහිතවම තව දුරටත් ඉතිරි වනු ඇතැයි යනුවෙන් තමා කනස්සල්ලට පත්වී සිටින බව ඇය වටකොට ගත් මාධ්‍යවේදීන්ට ඇන්ජලා කියා සිටියාය.

anjela merker 3

ගෝලීය වශයෙන් එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මාර්තු මාසයේ දී ක්‍රියාවට නැංවුනු COVAZ යාන්ත්‍රණයට Covid 19 එන්නත් තවත් මිලියන 10 ක් වහාම පරිත්‍යාග කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ මොහොතේ ඇය ඉල්ලීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය “ශක්තිමත් කිරීමට” තමන්ට අවශ්‍ය බව ඇය නැවත අවධාරණය කළ හෙයින් නුදුරු අනාගතයේ දී මේ සම්බන්ධයෙන් ලෝක නායකයින්ගේ රැස්වීමක් පැවැත්වෙන බව මර්කෙල් අවධාරණය කලාය.

ඒ තමයි ජර්මනියෙ රාජ්‍ය නායිකාව ඇන්ජලා මර්කෙල් !

 

https://newsaf.cgtn.com/.../Germany-to-donate.../index.html

නවතම ලිපි