SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, 2014 නොබෙල් සාම ත්‍යාගලාභී, 23හැවිරිදි මලාලා යූසෆ්සායි, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සගරාවේ නවතම කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිටියි.

දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින පාකිස්තාන ජාතික ළමා ක්‍රියාධාරිනියක වන මලාලා යූසුෆ්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය වේ.

වෝග් සගරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ සඳහන් කර තිබිණි.

“තමන්ටම කියලා අරමුණක්- දැක්මක්-පැහැදිලි අදහසක් තියෙන තරුණ ගැහැනු ළමයෙක්, තමන්ගේ හදවතේ රඳවගෙන ඉදිරියට අරගෙන යන බලය මොනවගේ එකක්ද කියල මම දන්නවා"

 

malala 1

 

මේ කවරය දකින හැම ගෑනු ළමයෙක් ම, ලෝකය වෙනස්කරන්න තමන්ට පුලුවන් බව වටහාගනීවි කියල මම විශ්වාස කරනවා

තව අවුරුදු 10කින් මම මාව කොහොම දකීවිද? හැම රාත්‍රියකදි ම මම මගෙන්ම අහන ප්‍රශ්නෙ ඒකයි. ඇඳේ පැය ගාණක් වැතිරිලා මම හිතනවා, කල්පනා කරනවා, ඊළගට මොකක්ද කරන්නෙ කියල

මම ඊළගට ජීවත්වෙන්නෙ කොහෙද? මම දිගටම බ්‍රිතාන්‍යයේ ම ඉන්නවද? නැත්නම් ආයෙ පකිස්තානයට යනවද? වෙන රටකට යනවද? ඊළගට, මං කා එක්කද ජීවත්වෙන්නෙ? ස්වෝත්සාහයෙන් ස්වාධීන ජීවිතයක් ගතකරනවද? දෙමව්පියන් එක්ක ජීවත් වෙනවද?

 

malala 4

ඔබ ජීවත්වෙන සංස්කෘතිය ඇතුළෙ ම ඔබට ම, කියල වෙනම අනන්‍යතාවක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන්.

පරිගණකයේ හරි දුරකතනයේ හරි ස්ක්‍රීන් එකෙන් සිතියමක් දිහ බලාගෙන ඉන්න පුරුද්දක් මට තියෙනවා. එහෙම බලන ගමන් පකිස්තානයට ගොඩ බහින ගුවන්යානයක් මවාගන්න මම කැමතියි…”

 

malala5

 

Newshub පුවත ඇසුරින්

Read Malala's British Vogue Cover Interview In Full: “I Know The Power A Young Girl Carries In Her Heart” | British Vogue

නවතම ලිපි