SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෝවිඩ් 19- සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය සම්බන්ධයෙන්

සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voice tube නාලිකාව ඔස්සේ  විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා, එම සමාජ මාධ්‍ය නාලිකාවේ කතුවරිය වන තුෂාරා විතානගේ අද (09) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය  චන්න ජයසුමන  විසිනි.

චීන සමාගමේ කොන්දේසි !

මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කලද ඒ සම්බන්ධයෙන් එම චීන සමගම ඉදිරිපත්කර තිබු කොන්දේසි හා ඉහල මිල ගණන් හා එම එන්නතේ ගුණාත්මක බව අවමවීම සැලකිල්ලට ගනිමින් එකී නිෂ්පාදන කටයුතු සඳහා අනුමැතිය නොදීමට බලධාරීන් නියෝගකර ඇතැයි පැවසේ.

එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් සාම ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබිණ.

චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Kelun Lifesciences Pvt Ltd චීන සමගම අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර ඇත. ඒ අනුව එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම ගිවිසුම අවසන් කිරීමට හේතුවනු ඇත.

කෙසේවුවද මෙම එන්නත් ජාවාරම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණි පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) බලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත්කර කර ඇතැයි ද වාර්තාවේ.

ඒ අනුව, සිනෝවැක් එන්නත ගෙන්වීමේ හා චීනයේ නිපදවන එම එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි Kelun Lifesciences කර්මාන්ත ශාලාවේ දී පිරවීම හා ඇසිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

එසේම, තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක ණයවර ලිපි විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

පුවත් උපුටාගැනීම - Theleader.lk

නවතම ලිපි