SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

20/07/2021 දින මාතර නගරයේ පැවැත්වුණු ගුරු විදුහල්පති අරගලයට සහභාගී වීම හේතුවෙන් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ කමිටු සාමාජික සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති මෙන්ම පාසැල් ගුරුවරියක්ද වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරියව මාතර පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගැනීම ගැන අපගේ බලවත් විරෝධය!

රජයේ මේ නින්දිත, මර්දනකාරී, සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙල වහා නවතනු! උද්ඝෝෂණ කිරීම ව්‍යවස්ථාපිත අයිතියකි. මෙම බියගුලු උපක්‍රම වලට අපව නැවැත්විය නොහැක. සරෝජා සහ ව්‍යවස්ථා විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැරයට ලක් වී සිටින සියල්ලන් සමඟම අපි නිරතුරුවම සිටින්නෙමු.

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

නවතම ලිපි