SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"කරුණාකරල දැන්වත් මේ බොරුව නවත්වමු"

ලංකාවේ හැමදේම හසුරුවන දේ බවට පත් වෙලා තියෙන්නේ දේශපාලනය.

ඉතින් ඇත්තටම අපි දේශපාලනිකව හරි තැනද ඉන්නෙ.

අපට තාමත් හරියටම ස්වාධීන පාලන ව්‍යුහයක් හදාගන්න හැකියාවක් ලැබිලා නෑ.

අපිට රටේ කිසිම විෂයයක් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නෑ.

කාලෙන් කාලෙට පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත් උනා.

අලුත් දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරිපත් කළා. ඒත් ඒවගෙත් තිබුණෙ පරණ කතා ටිකම අළුත් කොළවල නැවත  මුද්‍රණය කරපු එක විතරයි.

ඊළඟට ඔබට ඡන්ද ව්‍යාපාර වලදී ලැබෙන පොරොන්දු. නිදහස ගැන, යහ පාලනය ගැන, ආශ්චර්යවත් රටක් ගැන විතරක් නෙමෙයි, තව එකී මෙකී නොකී කොච්චර පොරොන්දු අපට දීල තියෙනවද?

ඒවා ඉෂ්ට වුණ අවස්ථා තියෙන්නේ කොච්චර අඩුවෙන් ද?

අපේ නිදහස දේශපාලකයෝ ඉස්සරහ දියාරු වෙද්දී, අපේ රට ජාත්‍යන්තරය ඉස්සරහ දෙකට තුනට නැමිලා ගැති වෙලා තියෙනවා.

එක එක ආණ්ඩු වල එක එක විදේශ ප්‍රති පත්තිත් එක්ක

කාලෙක චීනේටත්,

තවත් කාලෙකට ඇමරිකාවටත්,

තවත් කාලෙක ඉන්දියාවටත් ඔින විදිහට අපේ රට ජාත්‍යන්තර වශයෙන් ගැති රටක් වෙලා.

ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එන සමහර අණ පනත් පවා හදන්නේ එක එක රටවල උවමනාවට කිවුවම එතනින් එහාට අපේ රටේ දේශපාලනය ගැන කතාකරන්න දෙයක් නැති වෙනව.

ඇයි එහෙම වෙන්නෙ?

බුදුන් වහන්සේ ගේ පාද ස්පර්ශයට තෙවරක් ලක්වූ, ථේරවාද බුදු දහම සුරැකිව රැකී තිබෙන රටේ,

ආගමික වශයෙන් නිදහස නැති වෙන්න කොහොමවත් විදිහක් නෑ.

ඇත්තටම ඒක එහෙමද..?

අද වන විට බුදු දහමේ පමණක් නොවේ අනෙකුත් ආගම් වලත් හරය ගැන මිනිසුන් නොහිතන තැනට ලක් වෙලා.

ආගම් වල මුලික අභිප්‍රාය ගැන නොසිතා අද මිනිස්සු තමන්ගේ ආගම පමණක් උතුම් කියන අධි තක්සේරුවට ඇවිත්.

අනිත් ආගම් නිර්ධය ලෙස විවේචනය කරනවා.

අන්තවාදය සෘජු ලෙසත් වක්‍ර ලෙසත් එක එක තැන්වල එක එක විදිහට දකින්න ලැබෙනවා.

බොහොමයක් මේ අන්තවාදය එන්නේ දේශපාලකයන්ගේ මග පෙන්වීම් යටතේයි.

මොකද තමන්ට ඡන්ද ගරා ගන්න හොඳම විදිහ ජාති වාදය කියල හිතන දේශපාලකයෝ රොත්තක් අද බිහිවෙලා.

ඉතින් මේ බුදුන්ගේ දේශයේ මිනිස්සු ආගම වෙනුවෙන් කුලල් කාගන්න තැනට අද පත් වෙලා තියෙනවා.

වසර තිස්ගානක් මේ රටේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවන් නියෝජනය කළ පසුගියදා අප අතරින් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වෙලා එළියට ඇවිත් කිව්ව,

“කරුණාකරල දැන්වත් මේ බොරුව අපි නවත්වමු කියලා.”

ඒ ඔහුගේ වසර තිස් ගණනක් පුරා අත්විඳීම්වලින් මතුවුනු කතාවක්.

මේක තව කවුද කියන්න ඉන්නෙ?

 

නවතම ලිපි