විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්‍රමවේදය වැරැදි බව
පොලිස්පති සී ඩී වික්‍රමරත්න පිළිගෙන ඇත.
මේ අනුව එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කර ඇත. මෙවැනි දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ සදාචාරාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කළ කමිටුව, වැරදිකරුවකු වුවත් ඔහුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගැටළු පවතින බව පොලිස්පතිවරයා පිළිගත්තේ ඒ අවස්ථාවේදීය. අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.