ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්රමුඛ කණ්ඩායමක්
හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ද ජාජබ නායකයා සමඟින් ඊට සහභාගී වීමට නියමිතය.
එසේම නිල රැස්වීම හෙට පැවැත්වීමට නියමිත බව විදෙස් ආරංචිමාර්ග පවසයි.