SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රි ලංකාවට පැමිණ සිටින විදේශ රටවල් 6ක තානාපතිවරුන් අද (06) පස්වරුවේ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවේ නායකයින් හමුවී සාකච්ඡා කිරීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ.

 

ඉන්දුනීසියාව, තුර්කිය, මැලේසියාව, පලස්තීනය, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල රාජතාන්ත්‍රිකයෝ මෙලෙස පැමිණියහ.

 

ඒ පිළිබඳව ජාතික ජන බලවේගය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහත පළ කෙරේ.

 

පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන සහෝදරවරුද මේ සඳහා සහභාගි වූහ.

 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කරන ලද අතර රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වා දුන්හ.

(lankatruth)

 

Anuan 2an 3

නවතම ලිපි