SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාර්යාල සහායක පංතිය  (111) සේවකයකුගේ වැටුප නව වැටුප්  වර්ධකයට පසු  

දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ඊයේ (6) පාර්ලිමේන්තුවේ  සභාගත කළ පිළිතුරක සඳහන් වේ.



ඒ අනුව එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59129කින් වැඩි වී ඇත.



මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ  වැටුප  2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසි අටදහස්  හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.

ඒ අනුව නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ වැටුප් වැඩිවීම රුපියල් හත් ලක්ෂ පනස් එක් දහස් හත්සිය පනස් හතකි. නියෝජ්‍යාධිපතිවරයෙකුට  2024 සාමූහික ගිවිසුමට පෙර පැවති දළ වැටුප වූයේ  රුපියල් නවලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකකි.

 

මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයෙකුගේ  2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධනයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැට හත්දහස් එකසිය හැත්තෑවකි.



එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනකි. ඒ අනුව එම නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූ හතකි.

එසේම මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියෙකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධකයට පසු දළ වැටුප  දස ලක්ෂ  හතළිස් නව දහස් හාරසිය තිහකි.

මාණ්ඩලික පන්තිය (111) (2) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ   අනූතුන්දහස් දහස් හත්සිය පහකි.

 

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  එස් එම් මරික්කාර්  මහතාඅසා තිබූ  ප්‍රශ්නයකට  අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභා ගත කළේය.

 

@lankadeepa

නවතම ලිපි