SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ  සහ  එහි යාවජීව නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

අද සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතය. ඒ, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙපාර්ශවය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

 

අමෙරිකාවේ සිටි බැසිල් රාජපක්ෂ පසුගිය අඟහරුවාදා දිවයිනට පැමිණියේය. ඒ අනුව මැතිවරණ අපේක්ෂාවෙන් විවිධ පක්ෂ අතර මැතිවරණ සන්ධාන ගොඩනැගෙමින් පවතින අවස්ථාවක මෙම හමුව සිදුවන අතර මෙම හමුව තුළින් කුමන මැතිවරණය පළමුව පැවැත්විය යුතුද යන්නද අද සැකච්ඡාවෙන් පසු තීරණය වනු ඇතැයි අපේක්ෂිත ය. එය බැසිල් රාජපක්ෂගේ තීරණය අනුව සිදුවන්නක් බවත් රනිල් වික්‍රමසිංහ තමාගේ නායකත්වය හා තමා විසින් සිදු කළ  වැඩ කොටස  පිළිබඳ කුමන කතා පැවසුවද අවසානයේ බැසිල්ගේ තීරණයට යටත් වන බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

මේ අතර නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් දැනටමත් රාජපක්ෂවරුන්ගෙන් වෙන්ව ගොස් ඇති අතර ඔවුන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් අදහස් දක්වද්දීත් ජනාධිපති රනිල් රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයෙන් මිදී නැති බව කණගාටුදායක බව මධ්‍යස්ත මතධාරීන්ගේ අදහස ය.

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මෙතෙක් කිසිදු විධිමත් තීරණයක් ගෙන නොමැත. එවැනි පසුබිමක බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවීමට සූදානම් පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායමක් සමඟ ඍජුව සම්බන්ධ වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර තිබුණි.

 

අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව නායකයන් දෙදෙනා අතර පවතින සියලු ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයද යන්න නායකයින් විසින් සාකච්ඡා කර දැනුම් දෙනු ඇත.

ස්වාධීන මැතිවරණ කොමිසට ඒ දෙස බලා හිඳිනවා හැර වෙනත් කළ හැකි දෙයක් නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහස වී ඇත.

 

නවතම ලිපි