SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලක් ජනාධිපති රනිල් ගේ පෞද්ගලික ලේකම් වෙලා හිටපු සුදත් චන්ද්‍රසේකර තමයි දැන් United Youth තරුණ එකමුතුව සංවිධානය කරන්නෙ.

ඔන්න මෙදාපාර සුදත් චන්ද්‍රසේකර මෙතෙක් නිදිමතෙන් හිටිය යුනයිටඩ් යූත් සහභාගී කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට තරුණයින්ගෙ  සහාය අරගන්න වැඩක් හදනවලු.

ඒකට අනුව තරුණ එකමුතුව එක්ක ජනාධිපති රනිල් තරුණ වෙන්න හදන්නෙ එළැඹෙන 12 වෙනිදාලු.

“තරුණ අපේ අනාගතය” තමයි ලු මෙවර තේමාව.

WhatsApp Image 2024 03 06 at 15.18.26

 

මේ එකමුතුවෙ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි වෙනදා රනිල්ගෙ තරුණ බලකායෙ හිටියෙ එජාප පාක්ෂික තරුණ තරුණියො. මෙදා සැරේ හැම පක්ෂයකම තරුණ තරුණියන්ව “තරුණ එකමුතුවට” එක්කර ගෙනලු. ඒක සුදත්ගෙ වැඩක්ලු. අනික් අය රනිල් ලොක්කගෙ ගුණ වයන අය එක්ක එක්වෙද්දි සුදත් චන්ද්‍රසේකර රනිල් ලොක්කගෙ වැරදි කියන, විරුද්ධ වෙන අයත් එකතු කරගෙනලු. ජනාධිපති රනිල්ගෙ ‘නිර්පාක්ෂික, පොදු” කතාවලට හරියන විදිහටලු ඒ හින්ඳ යුනයිටඩ් යූත් හදල තියෙන්නෙ. ඒක නම් ලොක්කගෙන් ලකුණු ගන්න කියල ප්‍රශස්ති ගායනා කරන වන්දිභට්ටයින්ට හොඳ පාඩමක් කියලයි සමහරු කතා වෙනවය කියන්නෙ.

අනික් එක තමයි 12 වෙනිදා හවස 06ට කොළඹ 08, කාසල් වීදියෙ තැප්‍රොබේන් එන්ටර්ටේන්මන්ට්හි තියෙන මෙම හමුව සම්ප්‍රධායික දේශපාලන රැස්වීම්වලින් වෙනස්ව දේශපාලන කතා නැති හමුවක් ලු.

මේසෙන් මේසෙට ගිහින් රනිල් ලොක්ක කට්ටිය එක්ක කතාබහ කරනවලු. චෝදනා වගේම  යෝජනාත්  අහනවලු.

 

මේ ඔක්කොම නාඩගම් ජනාධිපතිවරණය ගොඩ දාගන්න වෙන්නැති කියල සමහරු කතා උනාට මොකද ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවලු. මොකද දේශපාලකයො හරිම ආසයිනේ හොඳ අහන්න, මාරයි කියල අහගන්න, හැබැයි මේ හමුවෙදි එහෙමම අහගන්න පුළුවන් වෙන එකකුත් නැතිලු.

කණ පිරෙන්න දෙස් වගේම දොසුත් අහගන්න වෙයිලු.

ඒත් වැඩේ නම් කෙරෙනව කියලයි කියන්නෙ.

රනිල් වික්‍රමසිංහ “තමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ය” කියල උස්සන වැඩසටහන් මෙහෙම සිද්ධ ‌වෙද්දී එජාපයේ තවත් සමහරුන්ට අලි සළකුණෙන් මිදෙන්නට බැරිව දේශපාලන රැස්වීම් සංවිධානය කරමින් යෑම රනිල් ලොක්කාගේ වැඩපිළිවෙලට හානියක් ලු.

ඒත් අලිපාටියෙ කට්ටියනම් කියන්නෙ “ලොක්ක ඔහොම කිව්වට නිර්පාක්ෂික වෙලා ආසනේ දිනන්න බැහැනේ, අපේ ආසන දිනාගන්න පක්ෂයෙන් වැඩ කරන්න වෙනවනේ” කියලලු.

නිර්පාක්ෂික අපේක්ෂකයෙකු වෙන්නට රනිල් වික්‍රමසිංහට තිබෙන ලොකුම බාධකය වෙන්නේ එජාපයේ ඔහුගෙන් ගොඩයන්නට බලාපොරොත්තුවෙන් ඉන්න සෙට් එක කියලයි තතු දත් අය කියමින් යන්නේ.

එකම විකල්පය රනිල් ද?

 

WhatsApp Image 2024 03 07 at 16.40.47 

තරුණ එකමුතුව පල කල ප්‍රචාරණ දැන්වීමක තිබුණෙ එකම විකල්පය රනිල් කියලයි.

පහුගියදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කතාව තුළ තිබුණෙත් තමා මේ තනතුර බාරගත් නිසා මේ රට අද මේ තත්වයෙන් තිබෙන බවයි.

ඔහු ගෝඨාභය රාජපක්ෂ යුගයේ මේ රට වැටී තිබුණු හැටි ගැන දිගටම පැහැදිලි කලා.

මේ කතාවෙන් කියැවුනෙත් හැමෝටම තියෙන එකම විකල්පය තමාය කියල පිලිගන්නා ලෙසයි.

 

ඒ කතාවෙන් පස්සෙ ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය රනිල් උන්නැහේට පිලිතුරු දුන්නා..

 

“ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් ජනාධිපති වී රට ගොඩගැනීමේ වීරයා බව ප්‍රකාශ කරමින් සිටිනවා. කෝවිඞ්, වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ගෝඨාභය රාජපක්ෂගේ කාලය තුළ නොතිබුණේ නම් රට කඩා නොවැටෙන බව ඔවුන් කියනවා. මේ කඩාගෙන වැටුණු අවස්ථාවේ ගින්දරෙන් මතුවූ වීරයෙක් වගේ රනිල් වික්‍රමසිංහ පැමිණි බව කියනවා. ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන, ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තිබෙන රනිල් වික්‍රමසිංහට විකල්පයක් නැති බවත් කියනවා. නමුත් ඇත්ත තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ආර්ථිකය කඩා වැටීමේ බරපතළම තත්වය ජනතාවට ඇවිත් තිබෙන්නේ දැන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ පංතිවල විශේෂයෙන්ම ශිෂ්‍යයන් නැතිවීම ප්‍රධාන ගැටලුවක්. මේ රට දාලා යාමේ එකම අරමුණ විතරයි ඔවුන්ට තිබෙන්නේ. අපේ තරුණ කාලයේ අසූතුනේ කළු ජූලිය, යූ.එන්.පී. භීෂණය, යුද්ධය අතරේ අපි හිටියා. එදා තරුණ පරපුරරේ ප්‍රබල මතය රට දාලා යන එක නොවෙයි. ෆයිට් එකක් දීලා රට හදන්න පුළුවන් කියන හැඟීම අපේ පරපුරට තිබුණා. අද තරුණ පරපුරට එහෙම හැඟීමක් වත් ඉතිරි වෙන්න පුළුවන් සමාජයක්, රටක් අද නැහැ. රනිල් වික්‍රමසිංහ යටතේ රට ස්ථාවර වෙනවා කියන විහිළුව කරන්නේ මේ තත්වය තුළ”.

 

මේ හරිනි අද තරුණ පරපුර ගැන කියන කතාව.

 

අපි බලමු 12 වෙනිදා සුදත් චන්ද්‍රසේකර නටන්න හදන මේ නාඩගමේ රනිල් ලොක්ක කොහොමද තමන්ගෙ චරිතයට පන පොවන්නෙ කියල.

 

බලන් ඉන්නකෝ...

 

#political Gossip

  

නවතම ලිපි