SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ පැරැන්නො ගෙනාපු උපහැරණ කතාවක් තමයි නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ කියන කතාව.

තව කිව්ව හෝරාගෙ අම්මගෙන් පේන අහනව වගේ කියලත්.

 

කාලෙකට පස්සෙ මේ පැරැන්නන්ගෙ කතා මතක් කරල දුන්නේ දියවන්නාව පැත්තෙ සිද්ද වෙච්ච තවත් නාඩගමක් එක්කලයි.

 

ජනාධිපති රනිල් තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් කියල පුන පුනා කිව්වට මොකද උන්දැගෙ නිර්පාක්ෂික කම් කොහෙන්දෝ බේරෙනවා වගේ වැඩ තමයි දියවන්නාවෙ සිද්ධ වෙන්නෙ.

මොන නිර්පාක්සිකද ඔන්න ඇමෙරිකාවේ ඉඳල මොල හතානෝ  ආව විතරයි සතර කන් සය කන් මන්ත්‍රණ පටන් අරගෙනලු.

 

කතන්දරේ මෙහෙමයි.. ඔන්න මෙදා සැරේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ධුරයට  රත්තරං උන්නැහේව පත් කොරලාලු.

සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දෙන් ලු  මන්ත්‍රීවරයා ඒ තනතුරට පත් උනේ.

ඔය දියවන්නා කවුන්සිලයෙ ඇත්තොන්ට ඡන්දෙ දෙන්න ඉතිං කාරණා කාරණා ඔින වෙන්නෙ නැහැනේ.

 

පහුගිය කාලෙ කෙහෙලිය රඹුක්වැල්ල උන්නැහේ මාරයි.. මාරම මාර සෞඛ්‍ය ඇමතිකෙනෙක් කියල දෝෂාභියෝගයට එරෙහිව ඡන්දෙ පාව්චිචි කොලා නොවැ. වැඩිඡන්දෙන් කෙහෙලිය මාර උනා.

ඉන් පස්සෙ අධිකරණය එයාව අත්තඩංගුවට ගන්න නියෝග කළාම ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් හිටිය. තමුන් ඡන්දෙ පාවිච්චි කලා කියල ලැජ්ජාවක් භයක් සංකාවක්වත් කාටවත් තිබුණෙ නැහැ.

 

විපක්ෂෙ ඇත්තොන්ටත් මේව ඇදල ඇරගෙන කට්ටියට නෙලන්න තරම් වෙලාවක් කලාවකුත් නැහැ නොවැ.

උන්දැලට ඉතිං බලය ගන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ.

අපිටත් ඉතිං ඉස්සරහට හොරාගෙ අම්මගෙන් පේන අහල, නරියට කුකුල් කොටුව බාරදීල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

සිරිලකේ හැටි තමයිලු නේ මේ ඉතිං.

 

#Gossip

නවතම ලිපි