SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පරාටේ නීතිය යනු යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත්විට,

කුමන හෝ හේතුවක් මත ඔබට ඒ ණය මුදල සහ ඊට අදාළ පොලී මුදල නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් හා ගෙවීම දිගින් දිගට ම පැහැරහැරියොත්, අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කරගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබාදී ඇති ක්‍රියාත්මක කිරීමේ නීතියකි.

 

එහිදී එම නීතිය මගින්  උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින්, අය විය යුතු ණය හා පොලී මුදල අය කරගැනීමට හැකියාව බැංකුවට ලබාදී ඇත.

 

මෙය වසර දහයෙන් දහයට පමණ සංශෝධනය කරමින් බැංකුවට වාසි සහගත ලෙස වෙනස්කම් සිදුකර ඇති බව පැහැදිලි ය.

 

අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් මෙකී නීතිය ඉවත් කිරීමටත්, අදාළ සංශෝධනයන් හරහා බැංකු විසින්, විශේෂයෙන්ම වාිජ බැංකුවල පරමාර්ථයනුත් හෙළිදරව් කර ඇත.

ඒ අනුව අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සහතික වී ඇත.

 

බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ,

 

“පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටිනවා, එය වැළක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.”

“ගරු කතානායකතුමනි, Hon. Leader of the opposition asked the question very clearly will give the assurance. අද දින රාජ්‍ය ඇමතිතුමා සහභාගි වෙලා නෑ හදිසි කාරණාවකට මූල්‍යමය සාකච්ඡාවකට කැඳවලා තිබෙන බව දැනුම් දීලා තිබෙනවා. නමුත් විපක්ෂ නායකතුමා කලින් කීප වතාවක් මේ ප්‍රශ්නය ගත්තා. මම සම්පූර්ණයෙන් එකඟයි මේ පරාටේ execution law එක. මේ පසුගිය අවුරුදු ගණනාවක් තුළ කීප වාරයක් සංශෝධනය කරලා තිබෙනවා. කියවා බැලුවොත් මම හිතන්නෙ ඔබතුමත් කියවලා බලලා තිබෙනවා වසර දහයෙන් දහයට සංශෝධනය කරලා තිබෙනවා. පළවෙනියෙන් ගෙනාපු සීමාව දැන් කීප වතාවක් වැඩි කරලා තිබෙනවා. එයින් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව මේ කටයුතු කරලා තිබෙන්නේ මේ පිළිබඳව ප්‍රශ්නයෙන් ගැඹුරෙන් අවධානයට යොමු නොකර වෙන්නත් පුළුවන් මේක සම්බන්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයද ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියට තීරණය කරා මේක කල්දාන්න ඒ අතරතුර වහාම සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න. So, I give you the assurance what you are requested will inclement.”

 

“මේ කියන දේ තමයි අපි සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ පැමිණි එකඟතාවය. ඒ අනුව මෙය තාවකාලික අත්හිටුවන්න මාස කිහිපයකට තීරණයක් අරන් තියෙනවා. ඒක කියාත්මක කිරීමට උදාවෙනවා.”

 

මම ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා නැගිට්ට නිසා අහනවා පරාටේ execution law එක Amend කරලා Banking act එක දැන් තුන් වාරයක් පමණ ඔබ හිටපු මුදල් අමාත්‍යංශය හැටියටත් Amend කළා මේ තත්ත්වය. මේ සීමාවන් වැඩි කරමින් යනවා පාර්ලිමේන්තුව. ඒ කියන්නේ එහෙම නැත්නම් ලක්ෂ එකට වැඩිය යන්න බැහැ. තියෙනවද ? මම දන්නවා ඔබතුමා ගැඹුරින් මේක අධ්‍යයනය කරලා තිබෙන බව. දෙවැන්න මධ්‍යම බැංකුවේ ඒ ආකාරය සාකච්ඡා මාර්ගයෙන්. There is a special Arbitration committee in the banking sector that sits. That a not been functioning or being consultant by the banking sector. So we should address them also. Becauise that provision is there which are nor being used. Formally is was used. ඒ නිසා මෙවැනි දේ වහාම බලලා අපි මැදිහත්වෙන්නට ඕන පාර්ලිමේන්තුව හැටියට කියන එකත් මම කියන්නට ඕන මොකද මුදල් කොමිටි වලටත් මේ බලතල තිබෙනවා ගෙන්වා මැදිහත් කරවා ගැනීමට. I will send you the details I just got this last ** ”

නවතම ලිපි