SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් රෝහිත අබේගුණවර්ධන ව පත්කිරීමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ඔවුන් තවමත් පාඩමක් ඉගෙනගෙන නැති බව යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියයි.

 

“ඒ පත්කිරීම ගැන අපි දිගටම කතා කළේ විපක්ෂයේ කෙනෙක් මේ කෝප් කමිටුවේ සභාපති විය යුතුයි කියලා. නමුත් ඒක වුණේ නෑ, ආණ්ඩුව මේක නැවත අරගෙන තිබෙනවා. අපට කණගාටුවක් තිබෙනවා, මොකද මේ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවේ බුද්ධිමත්, හොඳට ඉගෙනගත්ත අය.

 

මට තේරෙන්නෙ පොදුජන පෙරමුණ තවම පාඩම ඉගෙනගෙන නෑ වගේ. තාම හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො, ඒගොල්ලන්ට ඕනෙ කෙනා පත්කෙරුවාම වැඩේ හරියයි කියලා. ඉතින් ඔහොම්ම තව කරගෙන යන්න කියන්න. තව පොඩි කාලයයිනෙ තියෙන්නෙ, මාස පහකට විතරනෙ තව යන්න වෙන්නෙ".

 

ඒ කියන්නෙ තාම ගුටි කාලාත් පාඩම් ඉගෙනගෙන නෑ. මේ දේශපාලනය වැරදියි කියලා මිනිස්සු පාරට බැහැලා ජනාධිපතිව එළවලාත් පොදුජන පෙරමුණ තාම පිළිගන්නෙ නෑ. ඒගොල්ලො හිතන් ඉන්නෙ ඒගොල්ලන්ගෙ බලය, අපට ඕනෙ කෙනෙක් පත්කරනවා, තමුසෙලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔහොම තව මාස පහක් කරගෙන යන්න කියන්න, එතකොට තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි”

 

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා ඇත.

නවතම ලිපි