SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වූයේ පසුගිය සති කිහිපයේය.

එය පාර්ලිමේන්තුව දක්වා ගොදු මහබැංකු නිළධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා කතාබහ කර සමාජයේ ඒ පිළිබඳ විරෝධය එතැනින්ම අවසන් කර දැමුනි.

 

දැන් පඩි වැඩි උනත් අඩු උනත් කාටවත් වගේ වගක් නැති ගානය.

 

ඔන්න ඒ අතරේ  මහ බැංකු සේවකයන් සෙසු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට වඩා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇතැයි වෘත්තිය සංගම් චෝදනා කර තියෙනවා ය.

 

ඔවුන් කියන්නේ  ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට 2023 වසරේ (පසුගිය වසරේ) සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලෙස සියයට දහනවයයි දශම පහක (19.5%) පොලියක් ගෙවා ඇති බව ය.

 

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේම පාලනයේ ඇති සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශයට අදාළ EPF (සේවක අර්ථසාධක අරමුදලේ) ප්‍රතිලාභ ලෙස ගෙවා ඇත්තේ සියයට නවයක (9%) පොලියක් පමණකි. වෘත්තිය සංගම්  පවසන්නේ සාමාන්‍ය සේවකයන්ට 9% ක පොලියක් ගෙවද්දී මෙලෙස මහ බැංකු සේවකයන්ට පමණක් 19.5% ක පොලියක් ගෙවීම බලවත් අසාධාරණයක් බව ය.

 

ගෙවී ගිය 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලෙස මහ බැංකු සේවකයන් 29.37% ක ඉහළ පොලියක් ලබාගනිද්දී සාමාන්‍ය රාජ්‍ය පෞද්ගලික අංශවල සේවකයන්ට ගෙවන ලද්දේ 9% ක ප්‍රතිලාභයක් බව වැඩිදුරටත් කියා ඇත.

 

නවතම ලිපි