SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන්

ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශය පුවත්පත වාර්තා කර ඇත.

 

මේ සාකච්ඡාවේදී සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත. එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ද සඳහන්ය.

 

කෙසේ වෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දු විය.

ආරංචිමාර්ගවලට අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීන් පිරිසක් මෙම රහස් සාකච්ඡාව සඳහා එක් වී ඇත.

 

ඒ අතර පසුගියදා ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන්ට  අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවය.

 

කෙසේ වුවද රනිල් විකුමසිංහගේ ආරාධනය මත මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ජනාධිපති මන්දිරයට පැමිණ සිදුකළ සාකච්ඡාවේදී ද මුලින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ අදහස සාකච්ඡා වූ බව වාර්තා විය.

නවතම ලිපි