SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදි ජනාධිපතිවරණයක් මුලින්ම පැවැත්විය යුතු බවත්, එම මැතිවරණයට අපෙක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් විය හැකි බවත්,

ජනාධිපතිවරණයේ තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස  සහ අනුර කුමාර දිසානායක ට මිස රනිල් වික්‍රමසිංහ ට නොවන බව හිටපු අමාත්‍ය නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පවසයි.

 

ඔහු මේ බැව් කියා සිටියේ (10) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

 

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ,

 

“ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා ඒකට අපි සුදානම් වෙලා ඉන්නවා , අනෙකුත් පක්ෂ තවමත් මැතිවරණ ව්‍යාපාර පටන්ගෙන නැ නමුත් අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කරලා තියෙනවා, රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පටන්ගෙන නැ.

 

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට මුහුණ දිමට අපි සුදානම්, අනිවාර්යෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරණය තියන්න ඕනි , ඒක අහොසි කරන්න නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ඕනි, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් කිසිවිට ආණ්ඩුවට ලබා ගන්න බෑ.

 

ජනතාව මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා , ආණ්ඩුවේ සොරකම් කරපු අයව හිරේ දාන්න ජනතාව සුදානම් වෙලා ඉන්නවා , මේ වන විට ඇමතිවරු ලේකම්වරු හිරේ ඉන්නවා.

ජනතාව පුදුම තරහකින් ඉන්නේ , 40% පමණ ජන්දදායකයින් තවම තිරණය කරලා නැ කාටද ජන්දය ලබාදෙන්නේ කියලා.

 

ජනාධිපතිවරණයේ තරගය තියෙන්නේ සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර , රටේ පවතින තත්ත්වයත් සමග ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කරන්න අමාරුයි.

 

ඒ නිසා තරගය තියෙන්නේ සජිත් සහ අනුර අතර , අපිට කවුරු දින්නත් ප්‍රශ්නයක් නැ මොකද අපි සුළු පක්ෂ , සජිත් දින්නත් අනුර දින්නත් අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්.

අනුර කුමාර දිසානායක වෙනස් වෙලා තියෙනවා ලෝකය වෙනස් විමත් සමග ඉස්සර ජවිපෙ කිව්වම මිනිස්සු බයයි , දැන් එහෙම එකක් නැ, ඒ අය ඉන්දියාව, චිනය, ඇමරිකාව එක්ක ගිහින් කතා කරලා තියෙනවා.

 

සුළු ජාතික පක්ෂ සහය නැතිව ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන් ඒක ඔප්පු වෙලා තියෙනවනේ සිංහල අය එකතු වුණොත් ඒක කරන්න පුළුවන්.

 

ආගම් බේදය ඇති කරලා මේ පාර ජන්දය ලබා ගන්න බැ , සිංහල ජන්ද තුනට බෙදෙනවා , අනුර කුමාර දිසානායකට මේ පාර ජන්දය වැඩි වෙලා තියෙනවා.

 

සුළු ජාතික පක්ෂ සහය තියෙන්නේ සජිත් ප්‍රේමදාසට , නමුත් සුළු පක්ෂ දිනන ආණ්ඩුව එක්ක තමයි වැඩ කරන්නේ ඒක තමයි දේශපාලනය, නමුත් මම සජිත් එක්ක ඉන්නවා දිගටම.

අයි.එම්.එෆ් ගැන සාකච්ඡා කරන්න විපක්ෂයට ආරාධනා කරලා නැ , දැන් තියෙන ආර්ථික තත්ත්වයත් සමග සියළු දෙනා සාකච්ඡා කරන්න අවශ්‍යයි.

ණය ගෙවන්න ආදායම් තියෙන්න ඕනි , ණය අරන් පාරවල් , ගොඩනැගිලි හැදුවා ආදායම් නැ , තව ණය අරන් ණය ගෙව්වා එහෙම තමයි රට බංකොලොත් වුණේ.

මහින්ද රාජපක්ෂ අධිවේගි මාර්ග , කුළුණු හදද්දි ජනතාව හිතුවේ එයා රට සංවර්ධනය කරනවා කියලා ජනතාව හිතුවේ ණය අරන් මේවා කරන්නේ කියලා.

 

පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්ෂකයෙක් නම් කරයි , මොකද නැත්තම් අනාගතයේ පක්ෂයක් නැති වෙයි , සජිත් හෝ අනුර දිනනවට ඒ අය කැමති නැ මොකද දින්නොත් ඒ අයගේ වංචා එලියට ගන්න නිසා ඒ නිසා එයාලා කැමති රනිල් දිනනවට.

 

රනිල් වික්‍රමසිංහ ඒ අය රකින නායකයෙක්, නමුත් ඔහු හොරෙක් නෙවෙයි, එයාට කර ගන්න දෙයක් නැ මොකද එයා ජනාධිපති වෙලා තියෙන්නේ ඒ අයගේ ජන්දයෙන්නේ, ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑනේ.

 

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවට බහුතරය ඉන්නේ ආණ්ඩුවට නිසා ඒ අය දිනනවා , ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් 120 විතර ඉන්නවා මැතිවරණයෙන් පස්සේ බාගයක්වත් එන්නේ නැ පාර්ලිමේන්තුවට.

කිසිම ආණ්ඩුවක් වතු කම්කරුවන්ට සැලකුවේ ඇමතිකම් දිලා මිලියන දෙකක් දෙනවා වැඩ කරන්න කියලා එකෙන් මොනවද කරන්නේ?

යහපාලනය ආණ්ඩුව කාලේ මම වතු කම්කරුවන්ට ගෙවල් ටික හදලා දුන්නා , මේ පාර කවුද වතු කම්කරුවන්ට ඉඩම් දෙන්නේ මම උදව් කරනවා.

පාර්ලිමේන්තුවට මේ පාර අලුත් මුහුණු ගොඩාක් එනවා"

යනුවෙන් පැවසිය.

 

@ රංජිත් රාජපක්ෂ

නවතම ලිපි