SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග අද (11වැනිදා) පැවැත්වෙන සාකච්ඡාව සඳහා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනා කළ පක්ෂ තුන ඊට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපති කාර්යාලයේ අද (11 වැනිදා) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන්ට ආරාධනා කර තිබුණි. තවද,  ඔවුන් සමග තම පක්ෂයේ කැමති ඕනෑම අයෙකුටද සහභාගි වීමට එමගින් අවස්ථාව සලසා දී තිබුණි.

 

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සදහා සහභාගී නොව බවට එම පක්ෂ නායකයන් විසින්  ජනාධිපතිවරයාට ඊයේ නිල වශයෙන් දැනුම් දී ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉල්ලීමක් කර තිබු බව ජනාධිපතිවරයා පැවසුවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය වෙත කියා තිබුණේ තමා එවන් ඉල්ලීමක් නොකල බව ය.

නවතම ලිපි