SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (11) රාත්‍රී ඉන්දියාව බලා ගොස් ඇත.

ඒ, ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විදවත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා ය.

 

මන්ත්‍රීවරයා සමුළුවෙන් පසු දින කිහිපයක් ඉන්දියාවේ නව දිල්ලියේ රැඳී සිටීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

 

පාඨලී චම්පික රණවක මීට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්ව  සිටියදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  හමුව ඇති අතර 2015 යහපාලන පාලන කාලයේ දී පාඨලීගේ ආරාධනය මත ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ අබ්දුල් කලාම් ලංකාවට පැමිණියේ ය.

 

කෙසේ වුවද මෑතකදී ද ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ  ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ශිව සංකර් මෙනන් කොළඹ දී හමුවූ බවට ද ආරංචිමාර්ග සඳහන් කර තිබුණි.

නවතම ලිපි