SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් සීයා පෙරේදා රටේම පළාත් පාලන අපේක්ෂකයෝ කුලියාපිටියට ගෙනල්ලා පොඩි ආතල් එකක් ගත් බව

අද  විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

තවදුරටත් අදහස් දක්වමින්  ඔහු පවසා සිටියේ,

 

නතාව රවට්ටන රනිල් ගේ කුලියාපිටිය "සැබෑව"

මිනිහා හිතන් ඉන්නේ හාල් කිලෝ 20ක් දුන්නම ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා

 

“මේකේ නම දාලා තිබ්බේ "හැබෑව" කියලා. කුලියාපිටිය කිව්වම මට මතක් උනේ 2017 ජනවාරි 07 වැනිදා අකිලත් එක්කම කුලියාපිටියටම ගිහිල්ලා කිව්වා කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා කියලා . වොක්ස්වැගන් කාර් හදන කර්මාන්තශාලාවක් තියා බයිසිකලයක් හදන කර්මාන්තශාලාවක්වත් තාම හදාගන්න බැරි වුණා.

 

මාස 17ක් තිස්සේ ලංකාවේ විවිධ පළාත්වලට යනවා එතුමා රට නොගියොත් එහෙම . ත්‍රිකුණාමලයට ගිහිල්ලා කියනවා ආයෝජන කලාපයක් හදනවා කියලා.නුවර එළියට ගිහිල්ලා කියනවා සංචාරක කලාපයක් හදනවා කියලා.ගාල්ලට ගිහිල්ලා කියනවා archaeology  zone එකක් හදනවා කියලා. ආරුගම්බේ ගිහින් කියනවා surfing zone එකක් හදනවා කියලා .මේ ඔක්කොම කියනවා එකක්වත් කරලා නෑ.

 

තරුණ ප්‍රජාව තේරුම් ගන්න ඕන, අපේ ගම්වල සීයලා ඔය වගේ සුරංගනා කතා කියනවා පොඩි ළමයින්ව නලවන්න. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත වතාවක් ජනාධිපති වෙනවා නම්, එතකොට අවුරුදු පහකට ජනාධිපති වෙන්නෙ. දැන් මේ අසූව පැනපු කෙනෙකුට, ඊළඟ පරම්පරාව ණය ගෙවන්න ඕනද? ඒගොල්ලන්ට මොනවද දේපල ඉතුරු වෙන්නේ? ඒ ගැන කිසිම හැඟීමක් නැහැ.

 

ඒගොල්ලන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වෙන්න පුළුවන් ඕන දෙයක් විකුනන් කන්න පුළුවන්. ඕන දෙයක් නැතිකරල දාන්න පුළුවන්.එතකොට සීයා නෙමෙයි මුනුපුරාලා තමයි ණයකාරයෝ බවට පත්වෙන්නේ. මේ රටේ ජනතාවට 18% වැට් එක ගහලා,බඩු මිල වැඩි කරලා, බිල් වැඩි කරලා  , ළමයින්ට ඉස්කෝලෙ යන එක නැති කරල, පාසල් පොත් වලට සෞඛ්‍ය උපකරණ වලට පවා වැට් එක ගහලා, බාල බෙහෙත් ගේන්න ඉඩ දීලා, තමන්ගේ පැලැන්තියේ එවුන් එක්ක බිග් මැච් වල මං උඹලට ගහපු 18% වැට් එක උඹල ගෙවනවා, ඒ හින්දා" බිව්වා නේද වද කහ සුදිය" කියලා අහන නායකයෙක් තමයි මේ රටේ නායකයා වෙලා ඉන්නෙ. මේ වගේ කෙනෙකුට තවදුරටත් අපේ රටේ දේපල විකුණන්න අපේ රට ණය කරන්න, තවදුරටත් අපේ රට ජාත්‍යන්තරය තුළ කොටු කරවන්න, ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද ඔහු දන්නවා දැන් අවුරුදු හැත්තෑ ගාණක්, මට මේවට මුකුත් ගෙවන්න ඕන වෙන්නෑ, මේ එකකටවත් වගකියන්න ඕන වෙන්නෙත් නැහැ කියලා. 

 

කුලියාපිටියේදී එළියට ආවේ අන්න ඒ ‘සැබෑව’.

 

සජබ කාගේවත් තනි බූදලයක් නෙවෙයි

 

ඔහු පෙන්නුවේ ඔහු රාජපක්ෂලාගේ සට්ටැඹිරාළ කියලා. ජනාධිපති වුනේ පිනට. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 29,000ක් ගන්න බැරි පුද්ගලයෙක්. මම ගත්තා 97,000ක්. මගේ ගානටවත් ඡන්ද ගන්න බැරි පුද්ගලයෙක් පිනට ජනාධිපති වෙලා රාජපක්ෂලාගේ සට්ටැඹිරාළ වෙලා ඉන්නවා. එතකොට රාජපක්ෂලාට ජන මතයක් නැතිවුණහම සට්ටැඹිරාළට කේන්ති යනවා. ඒකට වෙන වෙන අයට බැනලා වැඩක් නැහැ. එතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම කලේ සමගි ජන බලවේගය සහ සමගි ජන බල සංවිධානය එක්ක වියරුවෙන් තරහෙන් ක්‍රෝධයෙන් කුහක කමින්  තමයි කලේ.

 

ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වෙන අපි  , අපේ ගුරුවරයා එක්ක එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. ඒත් අපි ගුරුවරයාට "සර්" කියලා කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ හිටපු නායකයා, එතුමා දැන් කරන සියලු වැඩවලට අපි විරුද්ධයි. ඒත් අපි එතුමාට " සර්" කියලා කතා කරනවා. ඒක තමයි යුක්තිගරුක සමාජයක ක්‍රමය. ජී .එල්. පීරිස් මහත්මයා එතුමාගේ ගුරුවරයා. එතුමාගේ ගුරුවරයාට සට්ටැඹිරාළ කියන තරම් නිහීන තත්ත්වයට පත්වෙලා , සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන බැන බැන ඉන්න තත්ත්වයට එතුමා එනවා කියන්නේ, පරාජයේ අඳුරු සෙවනැලි දැකලා වියරු වැටිලා ඉන්නවා කියන එක. අපිට කරන්න දෙයක් නෑ වික්‍රමසිංහ මහත්තයා ඔයා ගෙදර,  තව මාස පහක්වත් නැහැ, ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ, කරන්න දේකුත් නැහැ.

 

හැබැයි ඔබතුමා සට්ටැඹිරාළකම් කරන  රාජපක්ෂලාගේ නඩු පෝලිමක් තියෙනවා අහන්න. රට බංකොලොත් කරපු ඒවා තියෙනවා අහන්න. ඒ ඔක්කොම ටික අපි කරනවා. ඔබතුමා තාවකාලික රැකවලෙක් පමණයි.

 

රනිල් වික්‍රමසිංහගේ නූල් සූත්තරවලට අපි අහුවෙන්නේ නෑ

 

කුලියාපිටියට ගියාම මහ බැංකුව මැවිලා පේනවා, වොක්ස් වැගන් කර්මාන්තශාලාව මැවිලා පේනවා, මුළු ලංකාවටම වයිෆයි දෙනවා කියලා කියපුවා මැවිලා පේනවා, නොයෙක් නොයෙක් සුරංගනා කතා පේනවා, මේ වගේ කතා කිය කිය ඉඳලා සීයලාගේ ස්නායු දුර්වල උනහම අන්තිමේ ගෙදරට වෙලා ඉන්න වෙනවා.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි