SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපතිගෙන් තරුණයින්ට ලව් පාර්ක් එකක්!

පහුගිය 12 වෙනිද ජනාධිපති රනිල් කොළඹදි තරුණ තරුණියො ටිකක් හමුවෙලා තියෙනව. ඒක අර සුදත් චන්ද්‍රසේකර හදල තියෙන යුනයිටඩ් යූත් සංවිධානය කරපු එකක් ලු.

ඒකෙදි හැම පාටම කොල්ලො කෙල්ලො ඇවිත් තිබුන කියල තමයි අපිට ආරංචි උනේ.

මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක අලුත් පරම්පරාව හුවමාරු කරගනිපු ප්‍රශ්න ලු.

 

ranil me 5

 

Y – ඩොලර් එක 225 ට තිබිල ගෝඨාභය ජනාධිපතිවරයාගෙ කාලයේ 400ට ගියා. ඔබතුමා දැන් 300ට ගෙනත් තියෙනවා.

ඒක 200ට ගේන්න ඔබට පුළුවන් ද?

 

R – 200ට ගේන්න පුළුවන් උනත් මම 275ට වඩා අඩු කරන්නෙ නෑ. ඒකට හේතුව අපේ ව්‍යවසායකයොන්ගෙ නිෂ්පාදන එලියට යවල එයාලට එන ආදායම අඩු වෙනව එහෙම උනොත්. ඒක එයාලගේ ආර්ථිකයට බලපානව.

 

Y – අපිට ආයෙත් ෆ්‍රී වයිෆයි දේන්න බැරිද?

 

R – හැම දේම නිකං දෙන්න ගිහින් තමයි මේ දේවල් උනේ.

නිකං දෙන්න බෑ, නිකං දෙනව කියල බොරු පොරොන්දු දෙන්නත් මට බෑ.

 

Y - දැන් මේ අස්වැසුම දීම ජාතික අපරාධයක් සර්.

අපි මහන්සිවෙලා උපයන දෙයින් නිකං කන්න දෙන්නෙ ඇයි කට්ටියකට?

 

R - ඒක කරන්න වෙලා තියෙනව හුගක්ම දුප්පත් මිනිස්සු වෙනුවෙන්.

IMF එකත් දුප්පත්කම තුරන් කරන්න කියල කියල තියෙනව. මුලින්ම ආර්ථික අමාරුකම් තියෙන අයව ජීවත්කරවන්න ඔින. ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් උනාම අපිට පුළුවන් නිකං කන්න දෙන සහන කපා හරින්න.

 

Y - සර් මේ මොනව කලත් තරුණ අපිට කිසි නිදහසක් නැහැනෙ?

 

R - මොකක්ද නිදහසක් නැහැ කියන්නෙ?

 

Y - ආදරේ කරන්න තැනක්වත් අපිට නැහැ.

ගෝල්ෆේස් එකට ගිහින් කුඩයක් යට හිටියොත් පොලීසියෙන් අරගෙන යනව.

බැරිද අපිට ආදරේ කරන්න ලව් පාර්ක් එකක් හදල දෙන්න.

 

R - කොළඹ දැන් කොන්ක්‍රීට් වැඩියි. මගේ අදහස කොළඹ ජංගල් පාර්ක් සංකල්පයෙ පාර්ක් එකක් හදන්න.

කොළඹ කොන්ක්‍රීට් වැඩි හින්ඳ මගේ අදහස වෙලා තියෙන්නෙ ගස්වල  ඝනත්වය වැඩිකරන්නයි.

හදල දෙන්නම් ලව් පාර්ක් එකක්.

 

Y - සර් අපිත් ආසයි කාර් එකක් ගන්න.

දැන් පාවිච්චි කරපු කාර්රුත් දෙතුන් ගුනයකින් වැඩි වෙලා තියෙන්නෙ.

කාර් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි සර්?

 

R - මේ අව්රුද්දෙ නම් කාර් ගෙන්වන්නෙ නෑ.

සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වෑන් සහ බස් රථ විතරක් ගෙන්වනවා.

ලබන අව්රුද්දෙත් අන්තිම විතර වෙද්දි ආර්ථිකය ගැන බලල පොඩි වර්ගයේ මෝටර් වාහන ගෙන්වන්න බලන්නම්.

 

Y - දැන් රාජපක්ෂල හොරකම් කරපු සල්ලි ටික ආපහු ගත්තනම් අපිට පුළුවන්නෙ සර් මේ ණය බේරන්න.

ඇයි ඒව නැවත ගෙන්වගන්නෙ නැත්තෙ සර් ?

 

R - හොරකම් කලා කලා කිව්වට ඒව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඔින නේ.

අපි 2015දි දූෂණ ගැන හොයා බලල කටයුතු කරන්න කමිටුවක් දැම්ම අනුර කුමාර දිසානායක මහතා තමයි ඒකෙ සභාපති වෙලා හිටියෙ.

ඒත් ඒ කමිටුවටත් බැරි උනා ඒකට අදාළ කරුණු හොයා ගන්න.

හොරා හොරා කියල කියාගෙන ගියාට වැඩක් නැහැ. අපිට ඒක පෙන්නන්න පුළුවන් වෙන්න ඔින නේ.

අපිට නඩු දාන්න පුළුවන් වෙන්න ඔිනනේ. සමහර ඒවට නඩු දැම්මට ඒව ඔප්පු කරගන්න බැරිව විසි උනා.

ඉතිං අපිට ඔප්පු කරන්න පුළුවන්නම් ඒකට කටයුතු කරන්න පුළුවන්.

 

අනේ අපි දන්නෑ  ඉතිං මේ තරුණයොන්ගෙ ප්‍රශ්නනේ.

කොහොම උනත් වේදිකාවේ බැක්ඩ්‍රොප් එකේ නම් ගහල තිබුණෙ “එකම විකල්පය රනිල් “ කියලලු.

 

 

පාඨලී ඉන්දියාවට ගියේ ඇයි?

 

p ta lee

 

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඔන්න පහුගිය රෑක  ඉන්දියාව ගිහිල්ලලු..

කියන්නෙ නම්  ඉන්දියාවේ මිසෝරාම් කැම්පස් එකේ ආරාධනයෙන් පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පවත්වන්න ගියා ය කියලයි..

 

හැබැයි අපිට ආරංචි පහුගිය දවසක ලංකාවට ඇවිත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගවයි පාඨලීවයි හමුවෙච්ච හිටපු ඉන්දීය මහ කොමසාරිස් ශිව සංකර් මෙනන්ගේ කොළඹ හමුවෙන් පස්සෙ සිද්ද වෙච්ච දෙයක්ය කියලයි.

 

පක්ෂයේ කට්ටිය නම් කියන්නෙ සමුළුවෙන් පස්සෙ පාඨලී  සතියක් විතර නව දිල්ලියේ නතර වෙයි කියලයි. නතර වෙන හේතුව නම් ඒගොල්ලො කියන්නෙ නැති ලු.

 

ඉන්දියාවත් ලංකාවේ මැතිවරණය ගැන ලංකාවටත් වඩා සීරුවෙන් කියල තමයි පේන්න තියෙන්නෙ.

 

 

තමන්ගෙ ගුරුවරයට සට්ටැඹිරාල කියන තත්වෙට ජනපති පත්වෙලා - මරික්කාර්ගෙන් චෝදනා

 

Marikkar 2

 

මහචාර්ය ජී.එල්. පිරිස් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙක්. ඉතිං  තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පත්වෙලා සමගි ජන බලවේගයේ මන්ත්‍රී  එස්.එම්. මරික්කාර් කියනවා.

 

මරික්කාර් කියන්නේ,

ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට අපි තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතා කරන්නේ සර් කියලා. රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකයා. ඔහුගේ සියලු‍ වැඩවලට විරුද්ධයි. නමුත් අපි ඔහුට සර් කියලා කතා කරනවා. ඒක තමයි යුක්ති ගරුක සමාජයක විදිහ. මහචාර්ය ජී.එල්. පිරිස් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ගුරුවරයා. තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙලා තිබෙනවා. පරාජයේ අඳුරු සෙවනැලි දැකලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වියරු වැටිලා ඉන්නේ.

 

අනේ අපි දන්නෙ නෑ ඉතිං. ඒගොල්ලො ඒගොල්ලොනේ නේද?

 

#Gossip

නවතම ලිපි