SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස් මාධ්‍යවේදියෙක් සහ සිරස රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ බුද්ධික ඒකනායකට සිරසේ ‌දොර වැහිල ලු.

ඒක එහෙම වෙලා තියෙන්නෙ බුද්ධික යුනයිටඩ් යූත් වැඩසටහනට එක්වෙලා ජනාධිපතිවරයා එක්ක තිබුණු හමුවේ දී ප්‍රශ්නයක් ඇසීම හා ජනාධිපතිවරයා එක්ක ප්ලේන් ආප්පයක් කමින් කතාබහ කළ ඡායාරූපයක් හින්ඳ ලු.

 

 

 

මේව ලු කියන්නෙ ඉතිං අපිටත් එහෙන් මෙහෙන් ආරංචි වෙන ගොසිප් කෑලි හින්ඳනේ..

 

මේක මෙහෙම නෙවෙයි නම් බුද්ධික ඒකනායක ගැන ධර්ම ශ්‍රී ඒකනායකලට පුළුවන් සිරස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න.

 

කොහොම උනත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේම  ‘නිදහස් මාධ්‍ය’ කියල එකක් තියෙන්නෙ වචනයට, කතාවට විතරක් හින්ඳ නිදහස් මාධ්‍ය කෙසේ වෙතත් දුරකථන ඇමතුම් පවා ටැප් කෙරෙන මේ වගේ කාලෙක පෞද්ගලිකත්වක් කියල දේකුත් නැති වෙච්ච එකේ 'දේශපාලන නිදහස' කියන්නෙ විහිලුවක් නේ. ඒව ඔක්කොම ඉතිං මේ ක්‍රමය පවත්වගෙන යන්න දාන අස්සයො නේ.

 

ඒ මොනව උනත් හැම මාධ්‍ය ආයතනයක්ම දුවන්නේ ඒ මාධ්‍ය ආයතනයට සල්ලි පොම්ප කරන ප්‍රාග්ධන හිමියගේ උවමනාවට ලු, මතයට, දේශපාලන කැමැත්තට අනුව කියන එකත් හැමෝම දන්න කාරණයක් නොවෑ.

 

ඉතිං බුද්ධික‌ට ලැබුනු මේ ඉවත්කිරීමේ තෑග්ග බලාපොරොත්තු වෙන්න ඔිනම එකක් නේ මිත්‍රයා...කියලයි කට්ටිය නම් කියන්නෙ.

හැබැයි සිරස ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට් කියන එක ගැනත් ටිකාක් විතර හිතන්න තිබුන නේද?

 

මේ ගැන යුනයිටඩ් යූත් එකේ උපදේශක ලොක්ක සුදත් චන්ද්‍රසේකර මෙහෙම සටහනක් ලියල තිබුණ.

මේ වගේ කාලෙක ලොක්කො බක්කො ඔක්කොම වැඩේ අරගෙන කෙලවුනාම අහක බලාගන්න සීන් එක ඇතුලෙ සුදත් ගෙ මේ ප්‍රකාශය බුද්ධිකට සතුටක් වෙලා කියලත්  ආරංචියි.

“සිරස ආයතනය විසින් බුද්ධික ඒකනායක සොහොයුරාව අපගේ  වැඩ සටහන ඉදිරිපත් කිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර ඇත. මාගේ  බලවත් කණගාටුව සහ විරෝධය පළ කර සිටින අතර ඔහුට හැකි සෑම ආකාරයකින්ම උදව් උපකාර කිරීම අපගෙන් ඉටු විය යුතු වගකීමකි”.(සුදත් චන්ද්‍රසේකර)

 

දැක්ක නේද සිරස? ඒකෙ ලකුණු ටිකත් ගියේ කපටි නරියගෙ පිලටම තමයි..

 

#Gossip

නවතම ලිපි