SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සිටි බවත්

මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටිය හොත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (14) පැවසීය.

 

නිදහස ජනතා සභාව කොළඹදී අද (14) පැවැතිවූ මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.   

 

 

පළාත් පාලන මැතිවරණය අනීතිකව කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, සිවිල් සංවිධානය, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන නිහඩ මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවක් කල්යවමින් සිටින බවත් රටේ මුදල් තිබියදී  මුදල් නැතැයි කියමින් එම ජාතික මැතිවරණය වළ දැමූ බවත් ඔහු  කීය.  

 

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් සති 27 ක් එසේ නැත්නම් දින 189 ක් පමණක් ඉතිරිව තිබියදී ජාතික මැතිවරණ දෙකක් දින නියමක් නොමැතිව හංගලා තැබීම යන්න සැහැල්ලුවෙන් සළකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විභාග වන මූලික අයිතිකාකම් නඩුව කඩිනම් කර ඊට අදාල තීරණය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියයි.

 

ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලා ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමට සූදානම් වන බව කියන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එවැනි ආණඩු ප්‍රජාතන්ත්‍රවාදයට පැල්ලමක් එකතු කිරීමෙන් පුරවැසියා යටත් වැසියෙක් බවට පත්කිරීම වැලැක්විය නොහැකි බව ද සඳහන් කළේය.  

 

මුදල් අමාත්‍යංශය කුළු බඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීමෙන් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ ප්‍රදර්ශනය වූ බවත් එම ‘මීයා’ සොයාගැනීමෙන් තොරව රට සුවපත් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා කීය.  

 

පාසල් දරුවන්ගේ ආහාර වේල සඳහා මුදල් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයට එයට අවසර නොදුන් බව කී ඔහු  මෑත සිදුවීම් තුනකින් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ගේ භායානක තත්වය තේරුම්ගත හැකි බව ද පැවසීය.

 

රජයේ පාසල්වල ගුරුවරු 39,000 කට අධික විශාල ගුරු හිඟයක් පවතින බවත් ගුරුවරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර විදුල්පති සේවයේ පත්වීමෙන් ගුරු හිඟය තවත් බරපතල වූ බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

@ලංකාදීප

නවතම ලිපි