SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට

ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියයි.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කරයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ගැහුවේ ගේමක් බව සුගීෂ්වරගේ අදහස ය.

 

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

 

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස වට කළේ 150ක 180ක පිරිසක් පිරිසක් බවත් පැවසූ ඔහු, ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සූදානමක් තිබූ බවත් ඒ සඳහා පැමිණ සිටියේ මුස්ලිම් ජනතාව බවටත් සාකච්ඡාවේදී හෙළිදරව් කර ඇත.

 

 

cnews

නවතම ලිපි