SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය වෙත කියා ඇත.

 

එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවත් මේ වනතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් සඳහන් වන අතර, පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටින බවත් සඳහන් කරයි.

 

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස 

26 වැනිදාය. තවත් සතියකින් එකී සිදුවීමට මාසයක් පිරෙනවා ය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා පලා ගොස් තිබිණ.

 

කෙසේ වුවද තම දක්ෂතාවන් හා හැකියාවන් පෙන්වා පොලිස්පති ධූරයට තරඟ කරමින් ජනාධිපතිවරයාගේ මනාපය ජය ගත් දක්ෂ පොලිස්පති වරයෙකු සිටින්නේ ද ශ්‍රී ලංකා පොලිසියේ ය. එනිසා කල් ගත නොවී මෙය සොයා ගැනීමට නොහැකි වන්නේ ද නැත.

 

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

නවතම ලිපි