SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළොන්නාව ආසනයේ ඡන්ද ව්‍යාපාරයේ නිරතව සිටියදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ ඉදිරි මැතිවරණයේ තරඟය ඇත්තේ සමගි ජන බලවේගය හා මාලිමාව අතර බව ය.

 

ඔහු කියන්නේ අලුත්ම සමීක්ෂන වාර්තාවලට අනුව සජබයට  39%කුත්, මාලිමාවට 20%කුත්, තවමත් තීරණයක් නොගත් පිරිසේ ප්‍රතිශතය 24%කුත් වන බව ය. තීරණයක් නොගත් අයගේ ඡන්දය ලැබෙන්නේ දිනන පැත්තට බව කියූ මරික්කාර් මන්ත්‍රීවරයා ඒ නිසා ජයග්‍රහණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට කිසිදු සැකයක් නැති බවත් ප්‍රකාශ කරයි.

 

WhatsApp Image 2024 03 16 at 21.34.072

 

“බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රය අනුව අපි වැඩ කරන්නේ නෑ. අපි ජනාධිපතිවරණයටත්, මහා මැතිවරණයටත්, ඔිනැම ජාතික මැතිවරණයකටත් ලෑස්තියි. ඒ නිසා මහා මැතිවරණයක් බැසිල් රාජපක්ෂ කිව්ව නියල එන්නෙ නෑ.

 

මහ මැතිවරණයක් එන ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් තමයි ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවන්න ඔින. රනිල් වික්‍රමසිංහ ජීවිතේට මේක විසුරුවන්නෙ නෑ. මොකද එයා කුල්ල කුජීත වෙලා යනව කියල දන්නව.

 

දෙවෙනි ක්‍රමය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් යෝජනාවක් ගේන්න ඔින. ඉතිං බැසිල්ලට මේක විසුරුවගන්න ඔිනනම් යෝජනාවක් ගේන්න ඔින. එයාල යෝජනාවක් ගෙනාවොතින් අපි සලකා බලනවා..”

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්.

 

WhatsApp Image 2024 03 16 at 21.34.06WhatsApp Image 2024 03 16 at 21.34.061WhatsApp Image 2024 03 16 at 21.34.07WhatsApp Image 2024 03 16 at 21.34.071WhatsApp Image 2024 03 16 at 21.34.072WhatsApp Image 2024 03 16 at 21.34.08

 

 

නවතම ලිපි