SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත්

ඊට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු කී බවට මාධ්‍ය වාර්තා පළ ව ඇත.

 

තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් වුවත් විවිධ පක්ෂවල දේශපාලන ගේම් සඳහා කිසිදු ආකාරයකින් සහායක් ලබා නොදීම පදනම් කරගෙන  ඔවුන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ ඔවුන්ගේ පහසුවට මිස රටේ යහපත සඳහා නොවන බවද එම ජ්‍යෙෂ්ඨයා කියා ඇත.

 

පසුගියදා රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ කියා සිටියේ මුලින් මහ මැතිවරණයක් පැවැත්වීම අසීමිත බලයක් එක් පක්ෂයක් සතුවීම තුලනය කිරීමට හැකි බවය. එනම් ජනාධිපතිවරණයක් පවත්වා පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පක්ෂයට අසීමිත බලයක් ඡන්දය වෙනුවෙන් ගොඩ නැගෙන බව ඔහුගේ අදහස ය.

 

මේ පිළිබඳව දේශපාලන විචාරකයින් ගේ අදහස වී ඇත්තේ හදිසියේම මෙවන් ඥානයක් බැසිල් රාජපක්ෂට පහළ වී ඇත්තේ මාලිමාව මෙවර විශාල ජන බලයක් ලබාගෙන සිටීම මත ඔවුන්ට විය හැකි ව්‍යසනය ගැන ඇත්වූ බියෙන් බව ය.

නවතම ලිපි