SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලය වෙනස් කිරීම පහසු නොවන බව පවසන  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හරිනි අමරසූරිය කියා සිටින්නේ

එම වෙනස සිදුවීම නැවැත්වීමට කුඩා ප්‍රභූ කණ්ඩායමක් තමන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවයි.

 

ලන්ඩන් කාන්තා සම්මේලනය අමතමින් (17) ඇය කියා සිටියේ පසුගිය වසර 76 තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ දේ පාලනය කළේ මෙම කුඩා ප්‍රභූ කණ්ඩායම බවයි.

මෙම කුඩා කණ්ඩායම ලෙහෙසියෙන් පාලනය අත් නොහරින බව පැවසූ ඇය, ඔවුන් සියල්ලන්ටම වඩා තමන් ශක්තිමත් බව ශ්‍රී ලංකාවේ ජනතාව දැන් අවබෝධ කරගෙන ඇති බවද පැවසුවාය.

 

“වෙනස පහසු වෙන්නේ නැහැ. මෙම වෙනස සිදු වීම නැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන කුඩා ප්‍රභූ කණ්ඩායමක් ඉන්නවා. මෙච්චර කල් ලංකාවෙ වෙච්ච දේවල් පාලනය කරේ ඔවුන්. ඔවුන් ලේසියෙන් මේක  අතහරින්නේ නැහැ. ඒත් ඒ හැමෝටම වඩා මේ රටේ මිනිස්සු ශක්තිමත්. අපි මීට පෙර අපේ ශක්තිය අවබෝධ කරගෙන නැහැ. සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස එකතු වීමෙන් අපි ඔවුන් සියල්ලන්ටම වඩා ශක්තිමත් විය යුතුයි. ඔවුන් පසුගිය වසර 76 තුළ අපේ රට විනාශ කළා. ඒ යුගය අවසන් විය යුතුයි. ඒ යුගය අවසන් කිරීම අපේ වගකීමක්. ඔබට ඒ වෙනස කරන්න පුළුවන්. ඔබත් ඒ වෙනසේ කොටස් කරුවෙක් විය යුතුයි,”

යනුවෙන් ඇය ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.

නවතම ලිපි