SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කථානායකවරයාට විරුද්ධ විශ්වාසභාංග යෝජනාව ලබන අඟහරුවාදාත්, බදාදාත් පාර්ලිමේන්තුවට ගේන්න නියමිත බවත්,

මෙය ඉතිහාසයේ කථානායකවරයෙකුට එරෙහිව පැමිණි පළමුවෙනි විශ්වාසභාංග යෝජනාව  වන  බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

මේ කථානායකවරයා ඉතිහාසයේ පහළවූ නිහීනම, ඒකපාක්ෂික කථානායකවරයා වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව ආසනයේ තම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ නිරතව සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

“කථානායකවරයෙක් කියන්නෙ පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලයෙක්.මන්ත්‍රීවරු 225 වෙනුවෙන්ම ඉන්න ඔින පුද්ගලයෙක්. විධායකයේ බලයට අහු නොවෙන්න ඔින පුද්ගලයෙක්.

මෙයා විධායකයට යටයි. වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම අරගෙන. එතකොට විධායකයෙන් පත්වීමක් ගත්තම විධායකයට යටත් පුද්ගලයෙක්. ඒක පාර්ලිමේන්තුවේ හැමදාම පේනවා.

ඒ නිසා අපි විශ්වාසභාංග යෝජනාව ගෙනාවා. අපි බැසිල් රාජපක්ෂට අභියෝග කරනවා ඔබට දැන් පොහොට්ටුවේ ඇතුලේ බලයක් තියෙනවානම් පෙන්වන්න කියලා

 

 

නවතම ලිපි