SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය.

 

දයාසිරිත් ඉල්ලා අස්වෙයි..

 

ඊයේ(18) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර අද ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලා අස්වී ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර

ඔහු මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

 

එසේම මේ  වන විටත් එම කාරක සභාවේ නව සභාපතිවරයාට විරෝධය පාමින් විපක්ෂයේ මන්ත්‍රීන් රැසක්ම එම කාරක සභාව වර්ජනය කිරීමට තීන්දු කර ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

නවතම ලිපි