SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රි ලංකාවේ සියයට 25 ක් දරුණු ආහාර අර්බුදයකට ලක්වන බව එක්

සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි. ඒ අනුව දරුවන් ලක්ෂ 30 ක් පමණ එහි අයහපත් ප්‍රතිඵල වලට ලක්වන බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ නිසා ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලබාගත යුතු තත්වයක් නිර්මාණය වී තිබේ. එවැනි වටපිටාවක පවතින නියඟය ද ගැටලුකාරී බව විශේෂඥවෛද්‍ය අමරසිංහ කියයි.

 

මේ අතර ආහාර ඇතුලු රටේ අර්බුද විසඳීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති ලෙස, පාඨලී චම්පික රණවක ජනරජ පක්ෂයේ නායකයා පියවර ගත් බව ද විශේෂඥ වෛද්‍ය අමරසිංහ පවසයි.

 

වර්තමානයේ රටේ බරපතල ගැටලු රැසක් පවති. ආහාර, ඖෂධ, ප්‍රවාහන, පෝෂණ මෙන්ම තවත් ගැටලු රැසක් උද්ගතව තිබේ. ඒවා විසඳිය හැකි ආකාරය පාඨලී චම්පික රණවක පෙන්වා දී ඇතැයි  විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සඳහන් කරයි.

 

 

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට ලක්ව සිටී. ප්‍රෝටීන් ඌණතාව එහි ප්‍රමුඛ ලක්ෂණයකි. එය අනාගත ගැටලු රැසක් ඇතිකිරීමට හේතුවකි. ළමුන්ගේ සෞඛ්‍ය තත්ව බිඳ වැටීමට මෙම අර්බුදය සාධකයකි. උස අඩු, කෘෂභාවයට ලක්වූ ළමුන් සහ ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම ට ද පෝෂණ ඌණතා හේතු වෙයි. විටමින් හා ඛණිජ ලවණ ඌණතාද හඳුනාගෙන තිබේ. මෙම තත්වයට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ වගකීම බවත්, රජය එය ඉටු කිරීමට පියවර ගෙන නැති බවත් විශේෂඥ  වෛද්‍ය අමරසිංහ පෙන්වා දෙයි. රජයේ මැදිහත්වීමෙන් ප්‍රෝටීන් සහිත ආහාර අඩු මිලට සැපයීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද ඔහුගේ අදහසයි.

 

 

මේ අතර එක්සත් ජනරජ පෙරමුණු කාන්තා අංශ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න කියාසිටියේ, නිවාස ආශ්‍රිත වියදම් කළමනාකරණය ගැටලුවක්ව ඇති බවයි. මේවනවිට වියදම තුන් ගුණයකින් වැඩි වී තිබේ. එහෙත් ආදායම වැඩි වී නැත. ඒ නිසා විදේශ ආධාර හෝ ලබාගනිමින් වත්මන් අර්බුද විසඳාගත යුතු බව ඇය පවසයි.

 

 

වත්මන් ගැටලු විසඳා ජනතාවට යහපත් ජීවන තත්වයක් අත්කර දීමට මැදිහත් වන්නැයි ජනරජ කාන්තාවෝ විධායක සභික මධුරි රණසිංහ  ඉල්ලයි. වත්මන් ගැටලු තත්වාකාරයෙන් හඳුනාගත යුතුය. ඉන්පසු ආදායම් වර්ධන ක්‍රමෝපා සැකසීම ද අවශ්‍ය බව ඇය කියා සිටියේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

 

 

 

 

 

නවතම ලිපි