SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නීති විරෝධි ලෙස සකස් කර අයථා ක්‍රම මගින් ලියාපදිංචි කර ඇති අංක CP GY 4672 දරණ අධි සුඛෝපබෝගි වී 8 වර්ගයේ ජීප්රථය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබු විමර්ශනයට අනුව

හිටපු ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කල, වර්තමානයේ දූෂණ විරෝධී පෙරමුණේ නායක  රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යූරෝ නිපොන් ආයතනයේ කළමණාකරු අඩංගුවට ගෙන ඇත.

 

ඒ  හිටපු අමාත්‍යවරයාගේ ඥාති සොහොයුරු අංක 144/2, සේවාගම, පොළොන්නරුව ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක යි.

 

කූඨ ලේඛන ඔස්තාර් ලා...

 

රැවටීමේ කාර්යය සඳහා කුඨ ලේඛන සෑදීම, ඒ සඳහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි  සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

 

වංචනික ලෙස ලංකාවට ආනයනය කර, ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංකයට අදාළ දත්ත වෙනස් කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පරිහරණය කරනු ලබන අංක GY 4672 දරණ ජිප් රථය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වූයේ පසුගිය වසරේ දීය.

 

ඒ දඹුල්ල පොලිස් වසමේ පොහොරණ වැව ආසන්නයේ ඇති ෆින්ගර් ප්‍රින්ට් ගරාජය වෙත ටින්කර් කිරීම සඳහා ගෙනැවිත් ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද නිර්නාමික දුරකථන ඇමතුමක්  අනුව 2023.11.23 වන දින වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් විසින් දඹුල්ල පොලිස් වසමේ ගරාජයක් තුළ තිබී GY 4672 දරණ ජිප් රථය අත්අඩංගුවට ගැනීමත් සමග ය.

 

ඉන් අනතුරුව ජීප් රථය දඹුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර, දඹුල්ල අධිකරණය වෙත කරුණු වාර්තා කර මෙම අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණි.

 

පරීක්ෂන වලට අනුව මෙම රථයේ ලියාපදිංචි සහතිකයය අනුව  2003.01.09 දින සිට ලියාපදිංචි මුල් අයිතිකරු ලෙස අංක 422/ ඒ 01, පාගොඩ පාර, නුගේගොඩ ලිපිනයේ පදිංචි කළු ආරච්චිගේ නිශාන්ත ජයසූරිය නමින් ලියාපදිංචි වී ඇති අතර එවැනි නමකින් හෝ ලිපිනයකින් කිසිදු පුද්ගලයෙකු නොමැති බව තහවුරු කරගෙන ඇත.

 

එමෙන්ම මෙම ජීප් රථය 2019.09.16. දින කළු ආරච්චිගේ නිශාන්ත ජයසූරිය යන අයගෙන් වත්මන් හිමිකරු වශයෙන් නම සඳහන් අංක 97, ගජනායක ගම, වලස් මුල්ල, මහනුවර ලිපිනයේ පදිංචි මොහොට්ටිගේ ජානක යන අය වෙත ලියාපදිංචිය මාරු වී ඇති අතර, එවැනි නමක් හෝ ලිපිනයක් ඇති පුද්ගලයෙකු ද  නොමැති බව විමර්ශණ නිළධාරින් විසින් සොයාගෙන ඇත.

 

කරුණු මෙසේ තිබියදී මෙම ප්‍රශ්නගත ජීප් රථය 2019.11.25 වන දින අංක 144/2 සේවාගම පොළොන්නරුව ලිපිනයේ පදිංචි රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයාගේ ඥාති සොහොයුරා වන රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක යන අය විසින් අංක 28, ශ්‍රී ධම්ම සිද්ධි මාවත, අස්ගිරිය, මහනුවර ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිගේ පෙඩ්‍රික් ගුණවර්ධන යන අයගෙන් රුපියල් ලක්ෂ 70 ක අත්පිට මුදලට ලබා ගත් බව ජීප් රථයේ වර්තමාන හිමිකරුවන දැනට අත්අඩංගුවට පත්ව ඇති රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක විසින් පවසා ඇත. මේ බව සනාථ කිරීමට පෙඩ්‍රික් යන අය විසින් ලබා දුන්නා යැයි කියනු ලබන සිංහල අත්අකුරින් ලියන ලද ව්‍යාජ ලේඛනයක් ද  ඉදිරිපත් කර ඇත.

 

එනමුත් මෙම ෆෙඩ්‍රික් යන අය පිළිබඳව පරීක්ෂා කර බැලිමේදි ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ ඔහු 2020 ජනවාරි 15 වන දින හෘදයාබාධයකින් මියගොස් ඇති බවය.

 

රජ ගේමට සාම විනිසුරුත් හසු වෙයි?

 

මෙම සුඛෝපභෝගි ජීප් රථයේ වත්මන් හිමිකරු වන තුෂාර ඉන්දික රත්නායක යන අය සන්තකයේ තිබියදී 2023.02.08 වන දින අංක 175, රජ වීදිය, පදිංචි මුළු දිවයිනටම සාම විනිසුරු කේ. සී පෙරේරා යන අය ඉදිරියේ ලියා අත්සන් කර ඇති මෙහොට්ටිගේ ජානක යන අය නමින් වන ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර 2023.02.13 වන දින ඉහත රථයට අදාලව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අංක තහඩු 02 හා ස්ටිකරය ලබාගෙන එය ඉහත වාහනයට සවිකර වාහනය අත්අඩංගුවට පත්වන අවස්ථාව වන තෙක් පාවිච්චි කර ඇත. එම අංක තහඩු ලබා ගැනීම සඳහා තුෂාර ඉන්දික රත්නායක යන අය විසින් පුද්ගලයෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද බව ප්‍රකාශ කර ඇතත් එම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මතකයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

 

ජපන්නු නිෂ්පාදනය කරන්නත් පෙර ලංකාවේ අලෙවි වුනු ජීප් රථයක්..!

 

මෙවැනි වාහනයක් ලංකාවට ගෙන්වා නොමැති බවට ජපානයේ සහ ලංකාවේ සමාගම සහ රේගුව විසින් කරුණු වාර්තාකර ඇත. මෙම වාහනය 2002 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති බවට සඳහන් වූවද, එම වර්ගයේ වාහන ජපාන නිෂ්පාදන සමාගම විසින් වෙළදපලට නිකුත්කර ඇත්තේ 2014 වර්ෂයෙන් පසුව බවද සඳහන් වේ.

 

රොෂාන් රණසිංහ මංත්‍රීවරයා දූෂණ විරෝධි පෙරමුණේ නායකයා වශයෙන් දූෂණයට විරුද්ධව ප්‍රබල හඩක් නගන මංත්‍රීවරයෙකි. දූෂණය ගැන කතාකරන දේශපාලකයින්ගේ පෞද්ගලික වාහන අංගනවල සිදුවන්නේ මෙවැනි ක්‍රියා නම් ලංකාවේ දූෂණ විරෝධයට අබ සරණම ය.

 

මේ ආකාරයට ව්‍යාජලෙස ලේඛණ ඉදිරිපත් කර වාහන අමතර කොටස් ලෙස ගෙන්වා ලියා පදිංචි කර ඇති වී 8 වර්ගයේ වාහන 8ක් අල්ලස් සහ වංචා විමර්ෂන අංශය මගින් ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙවැනි ආකාරයෙන් සකස් කර ඇති වාහන සංඛ්‍යාව 200කට අධික බවට සැක කරන අතර රජයට රුපියල් කෝටි ගණනක වංචාවන් සිදුකර ඇතිබව වාර්තා වේ. මෙවන් වාහන පිළිබදව ජනතාවගෙන් ලැබෙනු තොරතුරු අනුව ඉහත විමර්ෂණ සිදුකර ඇත.

 

ලංකාවේ දූෂනය තුරන් කරන්නට වේදිකාවල කෑ මොර ගසන්නේ මොවුන් ද?

මෙවන් අයට ඡන්ද දායකයින් රැවටෙන්නේ කුමක් නිසා ද?

නවතම ලිපි