SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෝප් කමිටු සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන පත් කිරීමට එරෙහිව

මේ වන විට කෝප් කමිටුව සඳහා පත් කළ විපක්ෂයේ සාමාජිකයන් 8 දෙනෙකු ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

 

ඒ අනුව හිටපු කොප් කමිටු සභාපතිවරයෙකු වූ මහාචාර්ය චරිත හේරත් ඇතුළු එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර්, ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ, ගාමිණි වලේගොඩ මෙලෙස ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

 

එසේම අද (20) දිනයේ එම කමිටුව සඳහා පත් කළ නීතීඥ වසන්ත යාපා බණ්ඩාරද මීට සුළු මොහොතකට පෙර තමන්ද ඉල්ලා අස්වන බව දැනුම්දීමට කටයුතු කර ඇත.

 

මේ අතර සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාව කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත් නොකලහොත් උපවාසයක් ආරම්භ කරන බව දැනුම් දී ඇත.

ඒ අද පාර්ලිමේන්තුව අමතමිනි.

 

කෝප් කමිටුව රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (21) දිනයේදී ය.

නවතම ලිපි