SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු

විශ්වාසභංග  යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද  42කින්  පාර්ලිමේන්තුවේදී අද (21) පරාජයට පත්විය.

 

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 75ක් පමණි.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

 

ජාත්‍යන්තර අරමුදල සංවිධානය කළ රැස්වීමකට දිවයිනෙන් පිටව ගොස් සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාව පවා එම අවස්ථාවට සහභාගීවීම  අතරගම නතරකර ලංකාවට ගෙන්වා ගෙන තිබූ අතර බැසිල් රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත තමාගේ පොහොට්ටුවේ බලය පෙන්වා දුන් බව විචාරක මතය වී ඇත.

නවතම ලිපි