SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දිනවල පැවති අධික උණුසුම අවසන් කරමින් පොළොන්නරුවට මේ වන විට වර්ෂාව ඇද හැලෙමින් පවතින බව ප්‍රාදේශීය ප්‍රවෘත්ති මගින් අනාවරණය කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව ය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එමගින් අනාවරණය කර ඇත.

 

මේ අතර හෙට (23) පොළොන්නරුව වැව් තාවුල්ලේ පැවැත්වීමට සූදානම් කර තිබූ එජාප ජන හමුව නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතු කොටගෙන කල් දැමෙන බව සංවිධායක කමිටුව වෙනුවෙන් සුදත් චන්ද්‍රසේකර විසින් අප වෙත දැනුම් දී ඇත.

 

පොළොන්නරුව එජාප ජන හමුව යළිත් පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔවුන් දන්වා සිටියි.

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත්  මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව සඳහන් කර ඇත ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලීමක් ද  කරයි.

නවතම ලිපි